IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තැපෑලට අලුතින් සහායකයන් 731ක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුරට 731 දෙනකු තෝරා ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නොමැති අතර ඒ හේතුවෙන් පසුගිය වර්ෂය අවසානය වන විට තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයක පුරප්පාඩු 1982 ක් පැවතිණි. එවන් පුරප්පාඩු සංඛ්‍යාවක් සමඟ දෙපාර්තුමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාම දැඩි අර්බුදකාරී තත්වයක් මතු වු හෙයින් ඊට විසැදුමක් ලෙස අදාල පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැයි අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් ඉහත 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබීය. තවත් තැපැල් සහයකයන් 269 දෙනෙකු ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව  අමාත්‍යංශය පවසයි.

තෝරාගත් පිරිස සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය හෙට (6) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී   සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.



අදහස් (3)

තැපෑලට අලුතින් සහායකයන් 731ක්

කාංචනා ජයතුංග Sunday, 05 October 2025 06:26 PM

තැපෑලට අලුතෙන් බඳවාගන්නෙ මක්කටෙයි? මිනිස්සු ලියුම් යවන්නෙත් නැත. නිකං පුටු රත් කරන්න. වාරිමාර්ගෙත් බඳවාගන්න බව දැක්කා. අපේ සල්ලිවලින් ජෙප්පන්ට රස්සාව ද්‍රන්නද මේ?

:       2       7

ගුණරත්නSunday, 05 October 2025 06:54 PM

ඔව් කාංචනා නෝනා, මොවුන් මේ හදන්නේ පළාත් සභා ඡන්දය ගොඩදාගන්න. ඒත් කලින් පොරොන්දු වුනේ වෙන එකක්. රට හදන්න නම් කෙසේ හෝ අධික රාජ්‍ය වියදම් කපන්න ඕන, තේරුමක් නැති වියදම් නවත්තන්න ඕන. මේ තොරතුරු තාක්ෂණ යුගයේ තැපැල් සේවය පලක් නැති වියදමක්, දැන් අඩුම ගානේ බිලක්වත් තැපෑලෙන් එන්නේ නැහැ. ඉතින් මොකටද තව සේවකයන්. ඒ මදිවාට මේ විශේෂඥ දැනුමක් ඇතියවුන්වත් නොවේ, කොටින්ම කිව්වොත් ඡන්ද ගුණ්ඩු.

:       0       0

Frencis Monday, 06 October 2025 07:16 PM

තැපැල් සහායකයින් ගන්න විභාගයට අයදුම්පත් ගත්තේ පසුගියදා නේද විභාගයට මොකද වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site