IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය වෙත හිමිවූ අතිවිශාල ජනවරමත් සම්බන්ධයෙන් සතුටු පත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.  

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සභානායක කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවකදී තානාපතිනි, ජුලී චන්ග් මහත්මිය එසේ පැවසුවාය.  

සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා සමග පැවති එම නිල සාකච්ඡාවට, ඉන්දු පැසිපික් කලාපීය සම්බන්ධීකාරක  ජස්ටින් ආර්. බික්ලෙ මහතා සහ ඉන්දු පැසිෆික් කලාපීය  විශේෂඥ ජීවිකා ආරච්චි මහත්මිය ද එක්වූහ.

සමස්ත ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබව සැකවින් විමසූ තානාපතිනිය, බිමල් රත්නායක අමාත්‍යතුමා අමාත්‍ය ධූරය දරණ ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ද පැවසුවාය. 



අදහස් (7)

තානාපතිනී ජුලී චන්ග් ඇමති බිමල් හමුවෙයි

FreemanHAT Monday, 10 February 2025 08:20 PM

අපේ රටේ ඇත්ත ජනාධිපති.

:       4       14

Ruwan K Monday, 10 February 2025 08:57 PM

මෙම කාන්තාව වහාම ආපසු කැඳවන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින්න. ඇය 2022 සිට රට නරක් කරයි

:       11       59

මැක්ස් Monday, 10 February 2025 11:48 PM

මහා ලොකු ධනපති විරෝධී කයිවාරුකාර විප්ලවවාදීන්ගේ ඇඳි වත නිතිපතා උනා දමන, අප රටේ මෙම නොනිල නායිකාව නැත්තං, අප තාමත් සිතා සිටින්නේ මාලිමාවරුන් යනු වැඩ්ඩන් පිරිසක් බවය.

:       2       9

Kule Tuesday, 11 February 2025 01:12 AM

usaid වලින් කරපුවාට ස්තුති කරන්න ඇති ?

:       1       9

Tirantha Tuesday, 11 February 2025 08:26 AM

ඔහොම හිනාවෙලා තමයි මේ ගෑනි ගේම දෙන්නේ.

:       0       1

Asanga Tuesday, 11 February 2025 10:02 AM

මෙයාට පාර්ලිමේන්තුවේ තනතුරක් දුන්නනම් අරි. ජෙපෝන්ව ගේනාවෙත් මේ අයනේ.

:       1       12

sahan fernando Tuesday, 11 February 2025 12:33 PM

නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී හම්බවෙන ෆෝටෝ දානවා, නොනිල වශයෙන් හම්බවෙන්නේ පැලවත්තේ. ඒවා වල ෆෝටෝත් නෑ, කතා උන දේවල් දැනෙත් නෑ. අනේ කාලේ වනේ වාසේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site