
(විමුක්ති එස් රුද්‍රිගු)
"අන්‍යෝන්‍ය තීරුබදු" ක්‍රමය යටතේ බොහෝ රටවලට පැනවූ තීරු බදු නීති විරෝධී බවට තීරණය කළ අභියාචනාධිකරණ නඩු තීන්දුව ආපසු හරවන ලෙසත්, ඒ පිළිබඳ නඩුව ඉතා ඉක්මණින් විභාගයට ගන්නා ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකානු ආර්ථිකය නව මානයකට යොමු කිරීමට ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය තීරුබදු" ක්‍රමයට හැකියාව ලැබුණු බවද ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළේය.
ෆෙඩරල් අභියනධිකරණයේ 11 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද පිළිබඳව අභියාචනය විභාග කර තිබූ අතර විනිසුරුවරුන් 7 දෙනකුගේ එකඟත්වයෙන් එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ලෝකයේ රටවල් තමන්ට පනවා ඇති තීරු බද්ද අඩුකර ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල තීරණාත්මක මොහොතක ෆෙඩරල් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තීන්දුව වෙනස් කරන්නැයි ට්‍රම්ප් අධිකරණයෙන් ඉල්ලයි