
(යොහාන් භාසුර)
සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බවත් එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ මස මස 27 වැනිදා දක්වා බලපැවැත්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එහිදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවා.
“අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අධිකරණ කටයුත්තක් වෙමින් පවතිනවා. මම අධිකරණ නියෝගයක් අරගනෙ තියෙනවා. වාරණ නියෝගයක්. මම දරණ සභාපති තනතුර සහ කැලණිය ආසන්යේ සංවිධායක ධූරයෙන් ඉවත් කරන්න බෑ කියලා තහනම් නියෝගයක් අරන් තියෙනවා.
ඒ නියෝගය දැනට මේ මස 27 වැනිදා දක්වා තියෙනවා. ඒ නියෝගය තියෙන තාක්කල් ඉවත් කරන්න බෑ. එතනින් එහාටත් මට විශ්වාසයි මගේ අවශ්‍යතාවක් ආවොත් අපට එය දීර්ඝ කරගන්න ලැබෙයි කියලා මට හිතෙනවා.
ඒ නිසා එක එක්කෙනාට ආස වුණ පළියට එක එක්කෙනාට හිතුණ පළියට මාව ඒ තනතුරුවලින් අයින් කරන්න බෑ. එහෙම තීරණයක් කවුරු හරි ප්‍රකාශ කළහොත් අනිවාර්යෙන්ම අධිකරණයට අපහස කිරීමේ වරදට, චෝදනාවට ලක්වෙනවා.
එක එක ප්‍රවෘත්ති, කටකථා මවලා ඒවායෙන් පොඩි පොඩි ආතල් ගන්න උත්සහ කරන පිරිසකක් ඉනනවා. නමුත් යතාර්ථය මම තාම ඒ තනතුරුවල ඉන්නවා.
ප්‍රතිපත්තිමය වශයෙන් මම කළකිරීමක ඉන්නවා. අපි එක්සත් ජාතික පක්‍ෂයෙන් ගැලවිලා ඇවිල්ලා අලුත් පක්‍ෂයක් නිර්මාණය කරන විට මන්ත්‍රීවරු 92 ක් බලාපෙපාරොත්තු වූ රට ඉල්ලන වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන මම කාලයක් තිස්සේ කථා කළා. අලුත් පක්‍ෂයක් නිර්මාණය කරන විට දැන් ජනතාව ඉල්ලන වෙනස කරා අපිට යන්න පුළුවන් වෙයි කියලා. දූෂණයට විරුද්ධ, දූෂිතයො ගාවගන්නේ නැති අලුත් දේශපාලන සංස්කෘතියක්. පිරිසිඳු මිනිස්සුත් එක්ක යන දේශපාලන ගමනක් යන්න හිතාගෙන තමයි ඒකට අපි එකතු වුණේ.
ඒ පක්‍ෂයේ තනතුරු මම භාරත්තේ එවැනි බලාපොරොත්තුවක් තියාගෙනයි. නමුත් දැන් එතන අලුත් දේශපාලන ගමනකුත් නෑ, දූෂිතයන්ගෙන් තොර ගමනකුත් නෑ. වියත් මගෙයි, පොහෛාට්ටුවේ හිටපු දූෂිත මිනිස්සුත් එකට දැන් එන එන වෙලාවට භාරගන්නවා. ඒ කළකිරීම මත ඉදගෙන මම අදහස් ප්‍රකාශ කරනවා”
COMMENTS
ඉස්සෙල්ලා දේශපාලනය ඉගෙනගෙන ඉන්න. ආමි කමාන්ඩර් වුණු පලියට ජනාධිපති වෙන්න පුළුවන්ද? මේක හීන මානසිකත්වය...
ඒ එනකොට පුතාණෝගෙයි, ලොක්කගෙයි ඩීල් එක දැනගෙන උන්නේ නැතෙයි...?
ඔබතුමා හමුදා නිලධාරියෙක්... දේශපාලනය ඔබතුමාගේ අදහස්වලට ගැලපෙන්නේ නැතිනම් අරයා මෙයා විවේචනය නොකර ගෙදර ඉන්න..
ලොක්කා දන්නවා නේද මේක සිවිල් සමාජය මිස හමුදාව නොවේ කියලා. පක්‍ෂය සහ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කළ පසු හොඳම දේ ඉවත්ව යාම.
සේරම දේශපාලනය කරන්නේ තම තම මඩි තර කරගන්න. ඒකට උගත් නූගත් භේදයක් නෑ.
දුෂිතයින්ට ඇඟිලි දිගුකරන්න කලින් ඔබ පිරිසිදු මිනිහෙක්වෙලා ඉන්න ඕනෑ. හමුදාවේදී කරපු හොරකම් වලට හිරෙත් ඉඳලා නේද ආවේ..?
එහෙනම් ඔය පක්ෂයෙන් අයින් වෙයන්කෝ උසාවි නියෝගය අරගෙන බලෙන් ඉන්නේ නැතුව. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් අපිට පිස්සු.
ගිහිල්ලා මහන වෙනවා , තම්සෙට කවුරුත් කැමති නැ, ගිය ගිය තැන ලොක්කට කෙලින්න හදන මිනිස්සුන්ට පක්ෂ කැමති නැ. එලවන්න හදන නිසා නම්බුව තියාගෙන අයින්වෙලා ඉන්නවා. තම්සේ වගේ තව පිස්සෙක් ඉන්නවා , ගොන් චම්පික ,මේ පාර මැතිවරණ වලින් තම්සෙලා අතුගැවිලා යනවා.
දේශපාලනය නොකර හිටියා නම් අදටත් සමස්ථ ජාතියේ ගෞරවය හිමිවෙනවා..
දැන් හිතෙනවා සමහර ගොන්නුන්ට දේශපාලනය කරන්නත් පුළුවන් කියලා. පුද්ගලික බල ලෝභය නිසා රට ගැන හිතන්න අමාරුයි වගේ. මෙයා බලෙන් පක්ෂයේ තනතුරුවල එල්ලිලා හිටියට මෙයාට නාම යෝජනා දෙන්නම ඕනෑ කියලා නීතියක් තියෙනවද. අනිත් එක තමා එයා ඡන්දෙට ආවත් ඒ පක්ෂය එයා වෙනුවෙන් සහයෝගය නොදී හිටියොත් මොකද වෙන්නේ. මේ වගේ කන්න දුන් අත හපාකන අයට ඡන්දෙ දෙන අයත් අන්තිමට අමාරුවේ.
මේ වගේ කුහක මිනිහෙක් මගේ ජිවිතේට දැක්කේ නැහැ, කිසිම මනුස්සයෙක් එක්ක මෙයාට හොදින් ඉන්න බැහැ, ඔහේගේ ජනාධිපති සිහිනය කවදාවත් සැබෑ වෙන්නේ නැහැ ඒ තමුන්ගේ කුහකකම නිසා සිහින සැබෑ කරගන්න නම් කා සමගත් හොදින් ඉන්න ඕනේ
මේ යකා අරිම දුස්ට මිනියෙක්. හමුදාවේ ඉන්නකොටත් ඔය වගේ දුෂ්ඨ වඩ අරියට කරලා තියනවා.
ලංකාවේ ඕන ගොනෙකුට පාර්ලිමේන්තු යන්න පුළුවන්.. ඒ නිසානේ ඔයාලා වගේ අය ඔතන ඉන්නේ.
තමන්ගේ ප්‍රතිපත්ති වලට සහ අදහස් වලට පක්ෂේ ගැලපෙන්නේ නැතිනම් ඒකෙන් අස්වෙලා වෙන ගමනක් යනවා හැරෙන්න, ඒකේ ඉන්න ඉල්ලලා නඩුත් දමලා ඒකට විරුද්ධව වැඩ කරන එකේ තේරුම කුමක්ද?
බොරු කයිය ගැහුවට තනියම ඉල්ලුවොත් චන්ද 5000 ගන්න බැහැ , රණවිරුවන්ට කරන ගරු කිරීමක් වශයෙන් මිනිස්සු පක්ෂෙට කතිරේ ගැහුවට පස්සේ මෙයාගේ නම දැක්ක ගමන් මෙයටත් කතිරයක් ගහනවා , ලබන පාර ඔයාටත් ගෙදර ඉන්න පුළුවන්