
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුඳු වත්ත ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක් අසල නවතා තිබූ අති සුඛෝභෝගී මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී තියුණු ආයුධයක් පෙන්වා " කෑ ගහන්න එපා" යයි දැරියගේ මවට තර්ජනය කර ඒ තුළ සිටි 8 හැවිරිදි පාසල් දැරියක් පැහැර ගෙන කප්පම් ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක් ඉකුත් 2 වෙනි දින සිය දියණිය පාසලෙන් රැගෙන දියණිය මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි කර ඇය රියදුරු අසුනේ අසුන් ගන්නා අවස්ථාවේදී තම දියණිය සිටි පසුපස අසුනේ නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධයක් අත දරා සිටි බවත් තම දියණිය පසෙකට තල්ලු කරමින් වාඩිවී "කෑගහන්න එපා" යනුවෙන් තර්ජනය කළ බවද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
එම අවස්ථාවේදී පැමිණිලිකාරිය වහා ක්‍රියාත්මක වී මෝටර් රථයෙන් බැස පිටුපස දොර ඇර තම දියණිය මෝටර් රථයෙන් පිටතට ගෙන උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි නාඳුනන පුද්ගලයා එයින් බිමට බැස පලා ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
සැකකරු එදින මෝටර් රථයෙන් බැස මඳ දුරක් පලා ගොස් පැළඳගෙන සිටි කැප්තොප්පිය අතට ගෙන කුරුඳුවත්ත 27 වෙනි පටු මගේදී කුලී යතුරුපැදියකට නැග කොලොන්නාව කරා ගොස් තිබූ බව පොලිසිය සීසීටී වී දර්ශනඅනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.
සැකකරු කොළොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
සැකකරු පවසා ඇත්තේ තමා අධික ලෙස ණය වී ඇති එබැවින් ඒවායි නිදහස් වීමට කප්පම් ගැනීම සඳහා මෙය සිදු කරන්න උත්සාහ කළ බවයි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ණය බරෙන් නිදහස් වෙන්න පාසල් දැරිය පැහැරගන්න හදලා