(යොහාන් භාසුර)

මාස හතකට ආසන්න කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරයට නිරූපිත විනිමය අනුපාතිකය අද (26) රුපියල් 316 ට අඩු වූ බවත් අද දිනයේ ඩොලරයක රුපියල් අගය 311.11 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

පසුගිය වසරේ (2023) ජූලි 6 වැනිදා ඩොලරයේ අගය රුපියල් 316 ක් ලෙස මීට පෙර අඩුම අගය වාර්තා විය.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.08 ක් සහ විකුණුම් මිල රුපියල් 315.85 ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සඳහන් කරයි.