
(අංජුල මහික වීරරත්න)
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.
ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකිය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත් කටයුතු කරයි.
"Govpay " වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.
ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ලෝකයේ දියුණු රටක් බවට පත්කිරීමට ඔබ අතුලු NPP ආණ්ඩුව ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය...! ජය වේවා.
ඉතාමත් හොඳ වැඩක්, RMB, වරාය, රේගු, ඉන්ලන්ඩ් ඇවනියු, CTB, රේල් වේ, පාස් පෝට්, මේවටත් ඉක්මණට GOV පේ දාන්න.
ජයවේවා! නවීන තාක්ෂණය යොදාගැනීමේ පළමු පියවර, රටේ බහුතරයක් ගෙවීම් කාඩ් මගින් සිදු කළහොත් බදු දැලෙන් රිංගන ව්‍යාපාරිකයින් සහ අසාමාන්‍ය ලෙස ලාබ ගන්නවුන්ගෙන් බදු අයකරගත හැකි වනු ඇත. මේවාට එරෙහි වන්නේ එවන් ජාවාරමුන්ය...
මේ කෙටි කාලීන වැඩසටහන් වෙනුවට ඇමතුමකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ කූඩැල්ලන්ට පුහුණුවක් ලබා දෙනවා නම් ඉතා හොඳයි...
පෙරෙට්ටන් විසින් රටේ ජනතාවගේ ජීව දත්ත ඩිජිටල් හැඳුනුම්පතට ඇතුළත් කිරීමට එරෙහිව සමාජ භීතිකාවක් ඇති කරමින් පවතින බව පෙනේ. ඔවුන් කියන ලෙස අපගේ ඇඟිලි සලකුණු, ඇසේ ඡායාව, වැනි දෑ ඉන්දියාව සොරාගෙන මහත් ව්‍යවසනයක් කරනු ඇතැයි ජනතාව බියට පත්කරයි. එහෙත් මෙම දත්ත දැනටමත් විදේශ ගතවීමේදී, ජංගම දුරකථනය භාවිතයේදී අප බාහිර පාර්ශව වෙත දී ඇත. එබැවින් මේ බිය නොසලකා හරින්න. ඇඟිලි සලකුණු ගන්නවාට බිය වන්නේ සොරුන් පමණි. ඉන්දියාවට ඕවා වැඩක් නැත. ඔවුන්ට ඒවා ලබා ගැනීමට ඕනෑවටත් වඩා ජනතාව සිටී...
ඩිජිටල් කරණය කළාට වැඩක් නැහැ දත්ත ඇතුල් කරන නිලධාරියෝ හොරු නම්...!
යහපාලන ආණ්ඩුවත් හය මාසයක් යනකම් කලින් ආණ්ඩුව පටන් ගත්තු දේවල් විවෘත කරකර හිටියා. ඊට පස්සේ බලු වෙලා ගියා.
ඉන්දියන් කාරයෝ නැතිව අපේ පරිගණක ඉංජිනේරුවන්ට මේවා කරගන්න බැරිද ?
මේ රට ඩිජිටල් කරණය කිරීම ඉතාම අගය කල යුතු ක්‍රියාවක්.. ඒ උනාට මීට කාලෙකට කලින් ලංකාවේ ලෝකල් පුටින් කෙනෙක් "ඔරකල් තාක්ෂණයක්" ගැන කියලා මේ රටේ ජනතාව ගොනාට අන්දා පසුව "ගම සමග පිළිසඳරක්" කරනවා කියලා ගොවියන්ව ගහක කුඩාරමකට නග්ගලා නාඩගමකුත් කළා මතකයි....
ඔය වැඩෙත් කරේ ගෝඨාගේ උපදේශක මන්ඩලේ හිටපු මිනිස්සුම තමයි ඉතින්. දන්නො දනිති
මම අවුරුදු 20 කට වැඩියෙන් ජපානය ඇමරිකාව සහ කැනඩාව යන රටවල වැඩ කලා
මේකේ ගොඩක් බයෙන්, සැකෙන් අදහස් දාලා තියෙන්නේ... එක්කෝ හොරු නැත්තන් අමු ළිං ගෙඹි ගෝත්‍රිකයින්... ලංකාවේ හැම ගමකින් එකෙක්වත් පිටරට එක්කං ගිහිං ලෝකයේ දියුණු සමාජය ජීවිතය ගෙවන්නේ කොහොමද? තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලබා දුන්නේ නැතුව මේ දූපත් මානසිකත්වය තියෙන ලිංගෙඹි නිසා ඉතුරු මිනිස්සුන්ටත් පවු ගෙවන්න වෙනවා. හඳට යන ඉන්දියාව අපේ දත්ත අරං එහේ තියන්නද? හිටපු දේශපාලනය හදපු ගොන්නු තමා මේ...
ලංකාවට තවම කාලගුණය සඡීවීව දැන ගැනීමට තවම රේඩාර් පද්ධතියක් තවම නෑ. අපදා කලමණාකරණය, වගා කලමණාකරණය සඳහා රේඩාර් ඉතා වැදගත්.