(කේ බුද්ධික කුමාරසිරි)
ඩේසි ෆොරස්ට් නමැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද තමන් එවැනි විදෙස් තහනමක් ඩේසි ෆොරස්ට් නමැත්තිය සඳහා නිකුත් නොකළ බව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (14) දින විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය
හිටපු ජනාධිපති දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ හවුල් බැංකු ගිණුමක රුපියල් මිලියන පනස් නවයක් හමුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කඩුවෙල අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට අදාලව නීතිඥ ප්‍රේමනාත් දොළවත්ව මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් යලි විභාගයට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ පිළිබඳව කරුණු අධිකරණයෙහි පැවසුවාය
අදාළ නඩුව විභාගයට ගැනීමට පෙර එම තැනැත්තියට විදෙස් ගමන් තහනමක් පැනවූ බවට මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් වන බවද නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය
මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවා නඩු දෙකක් පැවරීමට කටයුතු කරන බවත් එක් තැනැත්තියකට විදෙස් ගමන් තහනමක් ලබාගත් බවත් ප්‍රසිද්ධියේ පැවසීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’ඩේසි ෆොරස්ට්ට විදෙස් තහනමක් පනවා නෑ’’
අරුණි Friday, 14 February 2025 07:00 PM
සැප් 21 සිට මාස 5ක් තිස්සේ නාමල්, යෝශිත, ඩේසිආච්චි, වාහන එකලස් කතා, වඳුරු කතා, මෝඩ කතා දැන් හොඳටම ඇති. පොල් ගෙඩියක් රුපියල් 80ට, හාල් සේරුව රුපියල් 160ට අරගත්තා. සැප්තැම්බර් 21ට පෙර තිබූ අපේ ජීවන මට්ටම ආයෙත් අපිට ලබා දෙන්න. නැත්තන් ආණ්ඩුවට එලොව පොල් පෙනෙන්න වැඩි දවසක් නැතිවෙයි...
Weerasinghe Friday, 14 February 2025 08:09 PM
ඇයි ජනාධිපතිටයි ඇමැති මන්ඩලේටයි විතරද අවබෝධෙන් බොරු කියන්න පුළුවන්? පොලිසිය බොරු කිව්වාම හෙන ගහනවයෑ, විකාර...
Chathuri Saturday, 15 February 2025 06:11 AM
මරු උපාසක අම්මා. වයසෙ හැටියටද වැඩ. වෙන ආච්චි කෙනෙක් නම්. මේවගෙ රටේ දේපල හොරා ක්නවානම් තමන්ගෙ. පව්ල වටවෙලා. සාපදෙනවා ඕවා නතර කරපන් කියලා. නාකිච්චි. එහෙම කියන්නෙ නැතිව. බැන්කුවටත් ගිහින් ගිනුම් ඇරලා සල්ලිත් දාලා. මෝඩ නුගත්. මුනුපුරා. කියනවා තත්තා මැරෙන්න කලින්. මේ හොර වැඩවලින් නිදහස් කරනවා කියලා දිවයිනට කියනවා
Kazi Shajahan Saturday, 15 February 2025 07:49 AM
ඩේසිත් අන්තිම කාලේ පිනක් දහමක් කරගන්නේ නැතුව පව් දෙනවා මැණික් මල්ලක් නිසා
පොඩිඑකා Saturday, 15 February 2025 09:45 AM
මෙයාට දාන්න ඕනෑ විදේශ ගමන් තහනමක් නෙවෙයි, එලොව ගමන් තහනමක්…! කොයි වෙලේ වීසා එක ඒවිද මන්දා…!
de silva Saturday, 15 February 2025 10:12 AM
අන්තිමට වෙන්නේ ඩේසි ෆොරෙස්ට් රට පනිවි, නඩුවේ ප්‍රධාන සාක්ෂි කාරියක් හෝ සැක කාරියක් නොමැති නිසා ඔක්කෝම වැරැදි ඩේසි මත, යෝෂිත නිදහස් වේවි. ලංකාවේ වන අනෙක් අපරාද වල මහා මොලකරු සහ ඒවා පිටරට සිට ක්‍රියාත්මක කරන්නේ ඩේසි කියලා පොලිසිය විසින් සොයා ගනීවි...!