
(රොෂන් තුෂාර)
ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි කියන චෝදනාවකට වරද පිළිගත් හිටපු ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට දඩුවම් නියම කිරීම ජනවාරි 14 වෙනි දින සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද දන්වා සිටියේය.
විත්තිකාරියට එරෙහි නඩු ව අද දින විභාගයට ගත් අවස්ථාවේදී ඩයනාගමගේ මහත්මිය අධිකරණයේ පෙනී සිටි අතර ඔහුගේ නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායිකාව අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විත්තිකාරියගේ ඇඟිලි සලකුණු වාර්තා සහ පෙර වැරදි වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කළ අතර විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ඉඳගෙන මන්ත්‍රීකමක්, ඇමතිකමක් ගත්ත එකට, ඒවට පත්කරපු අයටත් ඔය එක්කම දඬුවම් කරන්න. අපරාදේ අලුතෙන් කාලේ, සල්ලි වියදම් කරන්නේ.
වරද පිළිගත්ත නම් නීති පොතේ තිබෙන සුදුසු දඩුවමක් දීල නඩුව අහවර කලා නම් ඉවරනේ ?
එල්ලුම් ගහ වත් නියම කෙරුවොත් තමයි වැඩේ
එසේනම් තමන් විසින් ලබාගත්නා ලද ඇමති වැටුප ආපසු ගෙවන්න සිදුවෙයිද ?
එතකොට ජාලියට මොකද වෙන්නේ?