
(චාපා මධුභාෂිණී)
කාර්මික දෝෂයකට ලක් වූ ලොරි රථයක් සකස් කරමින් සිටි මෝටර් කාර්මිකයක් ගේ හිස මතට ඒම ලොරි රථය වැටීමෙන් මරණයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දිවුලන්කඩවල පී.ඒච්.ජි අනුරසිරි ගුණරත්න නමැති වයස අවුරුදු 45 පමණ වන තිදරු පියෙකි.
ත්‍රිකුණාමලයේ සිට පොලොන්නරුව දෙසට සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ රෝදයක වූ කාර්මික දෝශයක් හේතුවෙන් ලොරි රථයේ රියදුරු මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචි මෙම කාර්මික ශිල්පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඒම ස්ථානයට ගෙන්වාගෙන ඇත.
පසුව මෙම කාර්මික ශිල්පියා ලොරි රථයේ රෝදයේ දෝෂය සැකසීමට යාමේදී ආධාරකය ඉවතට ගොස් කාර්මික ශිල්පියාගේ හිස මතට ලොරි රථයේ පිටුපස කොටස වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
කාර්මික දෝෂය සිදුවන අවස්ථාවේ ලොරි රථය තුළ සිමෙන්ති මිටි 600ක් පමණ තිබේ ඇත. සිමෙන්තිවල ලොරි රථයේ සියලු බර ටොන් 30ක පමණ තිබු බැවින් එය ඔසවා තැබිම සදහා යොදාගත් ආධාරකය (ජැක්එකක්) ගසා කාර්මික ශිල්පියා විසින් ලොරි රථයේ දුණුමිටියේ දෝෂය සැකසීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදු වූ අවස්ථාවේදීම කාර්මික ශිල්පියා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමට ගම්වාසීන් කටයූතු කර ඇති අතර රෝහලට ඇත්ලත් කිරීමේදී ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
(ඡායාරූප හිඟුරක්ගොඩ ඩබ්ලිව්.ඒ්.පියතිලක)

COMMENTS
මියගිය අයට නිවන් සුව පතනවා. ඒත් අන් අයගේ දැන ගැනීම පිනිස. සිමෙන්ති 600 පටවපු ටොන් 30ක ලොරි කන්ටේනර් එකක් කවුද ජැක් එකකින් උස්සන්නෙ. මම යුරෝපයේ දී දැක්කා, ජැක් එක්ක ගහන්න කලින් ඔය වගේ ලෝඩ් එකක් ඒ මිනිස්සු පැයක් දෙකක් තිස්සෙ බෑවා. ඊට පස්සෙ පටවන්න ඒ වගේම කාලයක් ගියා. ලොරිය හදන්න ගතවුනේ විනාඩි විස්සක් විතර.
ඉතාම කණගාටුයි... අපරික්ෂාකාරි වැඩ..
මේවා ඇහෙද්දි හරිම දුකයි
ජැක් එක සුදුසු තැනක ආරක්ෂක ලෙස යොදා නොමැති බව පෙනෙනවා. අඩුම තරමින් ජැක් එක යෙදූ පසු යොදා ඇති බර සැලකිල්ලට ගෙන ආරක්ෂාව සඳහා ආධාරක යෙදිය යුතුව තිබුණා. ලංකාවේ කාර්මික විද්‍යාලවල, විශ්ව විද්‍යාලවල ඉදිකිරීමුත් ඒ වගේ...