IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා

(හේමලතා ඩී හේවගේ)

ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු රැහැන් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.

ටෙලිකොම් ආයතනයේ හලාවත සහ ලුණුවිල යන උපසේවා ස්ථානවල සේවය කරන අවුරුදු තිස්පහ සහ පනස් හය වයසේ පසු වන මෙම සැකකරුවන් කටුනේරිය, මාරවිල, තුඩුවාව, කොස්වත්ත, වෙල්පල්ල, කැලණිය හා කොබෙයිගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

බෝවත්ත ප්‍රදේශයේ නිවෙස්වල දුරකථන ක්‍රියාත්මක නොවීම නිසා ඒ පිළිබඳව කුලියාපිටිය ටෙලිකොම් උප සේවා ස්ථානයට දැන්වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇත.

භූගතව සවිකර ඇති දුරකථන රැහැන් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබූ දුරකථන රැහැන් අස්ථානගත වී ඇති බව අදාළ නිලධාරීන් දැන ගැනීමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳව පන්නල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.

අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි දමා ගොස් තිබූ දුරකථන රැහැන් කැබලි කිහිපයක් සොයාගත් බවත් ඒවා ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් මෙම රැහැන් මිලට ගෙන උණුකර තඹ ලබාගන්න දංකොටුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ තොරතුරු සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.

වෙළඳසැල් හිමියාගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු වලට අනුව මෙම සොරකම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවස්ථා ගණනකදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් අලෙවි කර ඇති බවත් ඒවා හලාවත ප්‍රදේශයේදී උනුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

 

 



අදහස් (3)

ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා

dasun Thursday, 23 May 2024 06:55 PM

මේ ජාතියේ හොරු එකතුවන පක්ෂය හොඳින් තේරුම්ගනු ඇතැයි සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිමි.

:       4       4

kanchana Friday, 24 May 2024 11:38 PM

ෆොටෝ එකේ මැද ඉන්න කොටු ෂර්ට් කාරයා නේද? හොර වැඩේ කරලත් ඉන්න ඇට්ටර පාට් එක. මටත් හොඳට හුරු පුරුදු මුහුණක්, පිට කොටුවේදී පොකට් ගහලා අහුවුණාම බ්ලේඩ් තලයකින් මිනිස්සුන්ව කපලා පැන්නේ මෙයා තමයි. පොලිසියේ ඉස්පැක්ටර් මහත්තයෝ, හංගපු තඹ කම්බි පෙන්නන්න අරගෙන යන්න...

:       0       3

R h fernando Sunday, 26 May 2024 12:34 AM

ඔය මිනිස්සු රටට සාපයක් ඔය ජාතියේ උන්ව රස්සාවෙන් වහාම අයින්කරන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 115 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 959 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2564 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site