IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පාවිච්චිය සඳහා හොර රහසේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල යවා ඇතැයි ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන බොබ් වුඩ්වර්ඩ් ලබන 15 වැනිදා එළිදැක්වීමට නියමිත ‘වෝ’ ග්‍රන්ථයේ සටහන් වේ.

එසේම ට්‍රම්ප් 2021 වසරේදී ධවල මන්දිරය හැර යාමෙන් පසු අවම වශයෙන් සත් වතාවක් පුටින් සමග දුරකතන සංවාදවල යෙදී ඇති බවත් එක් දුරකතන සංවාදයකදී ඔහුගේ නිවසේ සිටි ආධාරකරුවකුට පුටින් සමග කතා කිරීමට අවශ්‍ය බැවින් පිටතට යන ලෙස ට්‍රම්ප් පවසා ඇති බවත් එහි දැක්වේ.

81 වැනි වියේ පසුවන බොබ් වුඩ්වර්ඩ්, ‘වෝ’ ග්‍රන්ථයෙන් මැද පෙරදිග සහ යුක්රේන යුද්ධයේ මෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා කරන අරගලයේ තිරය පිටුපස කතා ඇතුළත් වේ. කෙසේ නමුත් මෙම ග්‍රන්ථය මගින් එල්ල කරන චෝදනා කිසිවක් තහවුරු කළ නොහැකි බවද පැවැසෙයි.

වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල සහාය දැක්වූවත් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට කිසිම කැමැත්තක් නොදක්වන බවත් ගාසා තිරයේ ගැටුම් උත්සන්න වූ අවස්ථාවේ බයිඩන්ගේ ආධාරකරුවකු සමග අග්‍රාමාත්‍යවරයාට පරුෂ වචනයෙන් බන ඇති බවත් වුඩ්වර්ඩ් සිය ග්‍රන්ථය පිළිබඳ අදහස් දක්මින් පවසා ඇත. එහිදී නෙදන්යාහු අසත්පුරුෂයකු බව ඔහු ප්‍රකාශ කර ඇතැයිද එහි සඳහන් වේ.

එසේම රුසියානු ජනපති පුටින් ක්‍රිමියාව 2014 වසරේ ආක්‍රමණය කළ මොහාතේ එවකට ජනපති බැරැක් ඔබාමා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන්ද ජනපති බයිඩන් විවේචනය කර ඇතැයිද "වෝ" ග්‍රන්ථයේ දැක්වේ. පුටින් සෙබළුන් 175,000 යොදාගෙන යුක්රේනය ආක්‍රමණය කිරීමට යන බව 2021 වසරේදී ඇමෙරිකාව බුද්ධි තොරතුරු ලැබී තිබී ඇති බවත් ක්‍රෙම්ලිනයේ සිටින ඉහළ නිලධාරියකුගෙන් එම තොරතුරු ලැබී ඇති බවත් සිය ග්‍රන්ථය පිළිබඳ අදහස් දක්මින් වුඩ්වර්ඩ් පවසා ඇත.

ලබන 15 වැනිදා එළිදැක්වෙන ‘වෝ’ ග්‍රන්ථය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ලබා දිම්න් වුඩ්වර්ඩ් මෙම අදහස් පළ කර තිබිණි.



අදහස් (0)

ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 47 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site