IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ටිල්වින් චීන ගමක සැලසුම් බලන්න යයි

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස් පක්ෂයේ  ආරාධනයක් අනුව  චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිතයෝ චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ ජාත්‍යන්තර භූගෝලීය තොරතුරු  මධ්‍යස්ථානයක සහ ද චිං ප්‍රාදේශිකයේ වෙට් වයිප්ස් (Wet wipes) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීමට එක් වූ අතර වූහ.

 නවීන තාක්ෂණයද යොදා ගනිමින් වූසූ ගමේ කසළ ප්‍රශ්නය විසඳා ඇති ආකාරය පිළිබඳව ඔවුහු අධ්‍යයනය කළහ. එමෙන්ම ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන් විශේෂ දායකත්වයක් ලබා දෙන බව මෙම සාකච්ඡාවේදී  අවධාරණය කෙරිණි.

වගාවන් සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතයේදී චීන මධ්‍යම රජය හඳුන්වා දී ඇති ප්‍රමිනීත් අනුගමණය කිරීම අනිවාර්ය බවද ගමේ ජනතාව එම පරාමිනීත් නිසි ලෙස අනුගමනය කරමින් වගා කටයුතු කරන බවද එහිදි අනාවරණය විය.

වුස ගම පිළිබඳ කරන ලද මෙම අධ්‍යනයේදී ගමක් ලෙස ඉතා දියුනු සංවර්ධනයක් අත්පත් ඇති බවත් විනය, පිළිවෙල පවත්වාගෙන යාමට සමත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහිදී  සඳහන් කළේය.

එය චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහනයක් බවත් එහි අත්දැකීම් ශ්‍රී ලංකාවේ ග්‍රමීය සංවර්ධනය සඳහා යොදා ගත හැකි යැයි ද ටිල්වින්  සිල්වා මහතා කීය.  චීන හූ ජෝ නගරයේ  උප නගරාධිපති ජන් ශින්යු, හූ ජෝ නගරයේ  ද චිං ප්‍රාදෙශිකයේ උප ගරාධිපතිනිය වන ෂී මින්ලී මහත්ම මහත්මීහුද මීට සහභාගී වූහ

 



අදහස් (3)

ටිල්වින් චීන ගමක සැලසුම් බලන්න යයි

Kamal Koyrala Wednesday, 11 June 2025 12:23 PM

හොද ආදර්ශයක් ,පැමිණීමෙන් පසු ගැහැණු අපිට එක මිටට මෙය කල හැකියි

:       4       1

Susantha Wednesday, 11 June 2025 04:27 PM

කමල් ගොන්රාල

:       0       2

රුවන් Thursday, 12 June 2025 02:47 PM

ලංකාවේ ලිංගික සංක්‍රාන්තිය පිරිමි අය ඉන්නවා ඒ අයට උදාහරණයක් මේ කමල්, අනිත් දේ මාවෝ සේතුංගේ තරහකාරයාගේ පුතා තමයි අද චීනයේ ජනපති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site