
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබා නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) මහත්මිය අතර හමුවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (3) සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකාව හා කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන හා කියුබා කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා විය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබා තානාපතිනිය ප්‍රකාශ කළාය.
එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නෝනලාටත් කන්නැතුව යන්න කිව්වා නම් හරි...
වසර ගණනාවක සිටන් කන්න පාන් කැබැල්ල ගන්න.. පැට්රල් ටිකක් ගන්න පෝලිම් වල දිනපතා රස්තියාදුවෙන ජනතාවක් ඉන්න කියුබාව කොහොමද අපට උදව් කරන්නේ...?
ඔය පොටෝ එක උඹේ බෙල්ලේ එල්ලා ගනින්.අද හෙටම කියුබානු හිගන ඒකාධිපති පාලනය දියවෙලාම යනවා.සත පහකටවත් වැඩක් නැති තානාපති සේවයක්.
සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය අනුගමනය කිරීමෙන් දරුණු ලෙස අසාර්ථක වූ, කෑමටවත් ක්‍රමයක් නොමැති කියුබාවෙන් මේ ටිල්වින් සිල්වා අපේක්ෂා කරන දේ දකින විට, ශ්‍රී ලංකාව තවමත් මේ කොමියුනිස්ට්වාදීන් මත යැපෙනවාද කියා අපට සිතෙනවා, ඔවුන් අසාර්ථක වී, අපකීර්තියට පත් වී, ලෝකයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව සිටිනවාද කියා. ශ්‍රී ලංකාව තවමත් අනාගතයේදී ආර්ථික, දේශපාලනික සහ සමාජීය මට්ටමින් නිසැකවම ශ්‍රී ලංකාවට ව්‍යසනයක් ගෙන දෙන ප්‍රතිපත්තියක් පිටුපස ඉබාගාතේ යන බව අපට පෙනේ නම්, මේ රටේ ජනතාවගේ තත්ත්වය සහ රටේ අනාගතය ගැන කඳුළු සැලීම හැර අපට කීමට කිසිවක් නැත.
ලංකාවට ගොඩක් උදව් කරපු රටක්. රටට හොඳ දෙයක් සිදුවෙනවා නම් සතුටුයි.
අපිට උදව් කරන්න තියා කියුබාවට හෙට අනිද්දා වෙනකොට පැට්‍රොල් ටිකත් නැති වෙනවා , ආර්ථිකේ හොඳටම විනාශ වෙලා , නමුත් ටිල්වින් සීයටත් ජිවිතේ අවසාන කාලේ පොඩි ජොලියක් තිබෙන්නේ එපාද ?