
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය.
ඇමෙරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට කරුණු දක්වා තමා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලිපියක් යොමු කළ බව කී අනුර දිසානායක මහතා මේ වන විට එම ලිපිය ධවල මන්දිරයට ගොස් තිබෙන බවට කරුණු වාර්තා වී තිබෙන්නේ යැයිද සඳහන් කළේය.
ඇමරිකාව පනවා තිබෙන බදු තීරණ වල බලපෑම තවම ලංකාවට දැනී නැතත් එම තීරණය ඉදිරියේදී යම් පමණකට ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කිරීමේ අනතුරක් තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
ජාතික උරුමයන් කර පින්නාගෙන තමන්ගේම ආර්ථික න්‍යාය පත්‍රයක් මත දෙපයින් සිට ගනිමින් යළි කුමන සුළි කුණාටුවක් පැමිණියද කඩා නොවැටෙන ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා කොට්ටාවේ පැවති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොම්මන්පිළ,රිලාසිරියා ,විමලේ නම් දැනටමත් අනාවැකි පල කරලා ඉවරයි ??
ට්‍රම්ප් එක්ක සාකච්චා කරන්න නෙවෙයි මෙයාලට අඩුම තරමින් හලෝ කියන්නවත් ට්‍රම්ප් එක්ක appointment එකක් ලැබෙන්නේ නැහැ මොකද එහෙම එක එක්කෙනා අඬාගෙන ආපලියට ඇමරිකාවේ ජනධිපති හමුවෙන්න වෙලාවල් දෙන්නේ නැහැ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවට වැඩක් නැහැ . අධිරාජ්‍ය වාදීන් ගැන ලොරි ටෝක් දීපු අය එයාලගෙන් හිඟමනේ යාම දෛවයේ සරදමක් .
මතක ඇතුව කලිසම් කමිසවල බොත්තම් ටික හරියට පිලිවෙලට දාගෙන යන්න.
දැන් ඉතින් කරන්න තියෙන්නේ රනිල් වගේ පළපුරුදු දේශපාලනඥයෙක් ඔය සාකච්ඡා කණ්ඩායම් වලට එකතු කරගෙන රටක් විදිහට පෙනී සිටින එක,
බැරිද දනගහගෙන කට්ටියගෙම කලිසම්වල බොත්තම් ටික දාල දෙන්න? ඒ වෙනුවෙන් මං ගානෙ ඔයාට බත් කටක්.