IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ට්‍රම්ප්ට විරෝධය පා ඇමෙරිකානුවෝ වීදි බසිති

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීම සඳහා ඇමෙරිකානුවෝ දහස් ගණනක් නැවත වතාවක්  විදී බැස විරෝධතා පවත්වති.

ඇමරිකානු විප්ලවීය යුද්ධය ආරම්භ වී 250 වැනි සංවත්සරයට සමාගාමීව මෙම විරෝධතා පැවැත්වුණු අතර එය "50501" ලෙස හඳුන්වා තිබිණ.

ප්‍රාන්ත 50 විරෝධතා 50 ක් එක් ව්‍යාපාරයක් එහි අදහස විය.

ධවල මන්දිරය ඉදිරිපිට සහ බොහෝ නගරවල ටෙස්ලා අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට සිට ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විරෝධතාකරුවෝ සිය කණස්සල්ල පළ කළහ.

වර්තමානයේ දේශපාලන විරෝධතා ඇමෙරිකාව තුළ බහුලව දක්නට ලැබුණත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ පළමු දින 90 තුළදී ගෙන ඇති ක්‍රියාමාර්ග ඔහුගේ ඡන්දදායකයන් සියයට 45 ක් අනුමත කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් විරෝධතාවලදී රජයේ කාර්යක්ෂම දෙපාර්තමේන්තුව ක්‍රියා කලාපය හා රජයේ රැකියා කප්පාදු කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය දැඩිව විවේචනයට ලක්ව ඇත. විරෝධතා සාමකාමීවූ බවද පැවැසෙයි.

 

 



අදහස් (2)

ට්‍රම්ප්ට විරෝධය පා ඇමෙරිකානුවෝ වීදි බසිති

Neela Sunday, 20 April 2025 07:15 PM

ට්‍රම්ප් ට වාගේම මැයි 07 සිට අපේ රටේත් *අනුර අපායට පල* Anura go to hell* විරෝධතා ඇති වෙයි . හැබැයි එහෙම වෙන්නේ සජිත් හෝ රනිල් බලයට ගේන්න නොවේ.

:       5       2

තරිඳු Sunday, 20 April 2025 09:37 PM

ඇමරිකාවෙත් ඇමරිකන් ජෙප්පෝ ඉන්නවා. ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කරනවට අකමැති වෙන්න ඇමරිකානුවෙක්ට බෑ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site