IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ප්ගේ තීරු බද්දට එරෙහිව විරෝධතාවක්

(ටී.කේ.ජී.කපිල)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර ඇති තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු විරෝධතාවය සහ උද්ඝෝෂණය, නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ කටුනායක ස්ටාර් ගාමන්ට් ශාඛාවේ සේවක සේවිකාවන් විසින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී අද (13) දින පස්වරුවේ පැවැත්වීය.

ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු නිසා ස්ටාර් ගාමන්ට් ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයින් වෙත වසර ගනනාවක සිට ලබා දෙන නිල ඇදුම් , වාර්ෂික විනෝද චාරිකාව, වාර්ෂික ක්‍රීඩා උත්සවය , වාර අවසාන සුහද හමුව සහ වසරේ ජනවාරි මස 01 දින සෑම සේවකයෙකුටම ලබා දෙන ත්‍යාගය ඇතුළු සුභ සාධක දීමනා ආයතන පරිපාලනය විසින් කපා හැර ඇති බව ද විරෝධතාකරුවෝ පැවසූහ .

එසේම මෙම තීරු බදු නිසා ඇමෙරිකානු වෙළෙදපොළ වෙත යැවෙන භාණ්ඩ වල මිළ ගනන් ඉහළ යන අතර, එනිසා ඒවා මිළදී ගැනීම අඩු වී , ඒවායේ  අලෙවිය පහත වැටෙන බවත් , එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වසා දැමීමට සිදු වන බවත් , මෙම විරෝධතාකරුවන් ඇමතූ නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවසීය .

එහි අවසාන ප්‍රතිඵලය ලෙස මෙම තීරු බදු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රයේ 16,000 කට පමණ රැකියා අහිමි වීමේ අවධානමක් මතු වී ඇති බව මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණ ගනනාවක් සිදු කළ පර්යේෂකයන් තමන් සමග පැවසූ බව ඇන්ටන් මාකස් මහතා පැවසීය .

එනිසා මෙම බදු පිළිබදව සාකච්ඡා කිරීම සදහා රජයෙන් තමන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද රජය වෘත්තීය සමිති සමග මේ පිළිබද සාකච්ඡා සදහා නොකැදවා හාම්පුතුන් සමග සාකච්ඡා කරමින් සිටින බවට චෝදනාවක් ද කළේය .

මෙම සේවක විරෝධතාවය සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවක සේවිකාවන් 500 ක් පමණ සහභාගී වී සිටියහ .



අදහස් (5)

ට්‍රම්ප්ගේ තීරු බද්දට එරෙහිව විරෝධතාවක්

Matara Sunil Saturday, 13 September 2025 07:09 PM

දැන් ට්‍රම්ප් හොඳටම බය වෙලා ඇත්තේ.. බේබිට හෙටක් හදන්නනේ මේ අව්වේ වේලෙන්නේ...

:       6       14

සෞදි-සිංහ Saturday, 13 September 2025 08:23 PM

අපි බදු ගහන්නේ අපිට ඕනෑ විදිහට වගේම ඇමෙරිකාව බදු ගහන්නේ එයාලාට ඕනෑ විදිහට. දීලා තියෙන ඒවාටත් කෙලවාගන්නේ නැතිව වැඩකරනවා.

:       2       22

අරවින්ද මොණරවිල Saturday, 13 September 2025 10:02 PM

කවුද අප්පා මේ හරක් රංචුව !

:       2       0

Kumar Sunday, 14 September 2025 07:53 PM

ලංකාවේ නිෂ්පාදන හොද නම් තීරුබදු ගෙවන්නේ ඇමෙරිකන් පාරිභෝගිකයයි. ආනයන කරන්නාගෙන් අයකරන තීරුබදු නිසා බඩුවල මිල වැඩිවෙලා තියෙන්නේ. සමහර විට විකිණෙන ප්‍රමාණය අඩුවෙන්න ඉඩතියෙනවා.

:       0       0

Batzy Monday, 15 September 2025 08:38 AM

ස්ටාර් ගාමන්ට් එකේ පරිපාලනයට විරුද්දව මේක කරන්නේ ? රජයෙන් කිව්වනෙ ට්‍රම්ප් බදු ගහපු එක සේවකයන්ට ගැටලුවක් වෙන්නෙ නෑ කියලා. ඒ උනාට ආයතනයෙ පරිපාලනය විසින් සේවකයන්ට මෙතෙක් දුන් වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් තමයි මේ උද්ඝෝෂණ තිබ්බෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25442 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18151 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 591 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site