
(දයාරත්න ඇඹෝගම)
කොකාවැව,ගලෙන්බිදුණුවැව මාර්ගයේදී 18 හැවිරිදි තරුණයෙකු පදවන ලද ට්‍රැක්ටරයක් දිවුල්වැව සුසාන භුමිය ආසන්නයේදි හුරැළු ඇළට පෙරැළිමෙන් ට්‍රැක්ටරය පැදවු තරුණායා මිය ගොස් එහි ගමන්ගත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුද බරපතල තුවාල ලබා ඊයේ (02) රෝහල් ගතකළ බව කොකාවැව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කරුයාය,අළුත්දිවුල්වැව පදිංචිව සිටි සදීප ලක්ෂාන් රූපසිංහ(18) නැමති තරුණයෙකි.
කොකාවැව,ගලෙන්බිදුණුවැව මාර්ගයේ හුරැළු ඇළ මාර්ගය හරහා ඇති පාලම දෙසට මෙම ට්‍රැක්ටරය ධාවනය කරමින් සිටියදි වේගය පාලනය කරගැනිමට නොහැකි විමේ මෙම අනතුර සිදුව ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගය මරුවා කැඳවයි