
(යොහාන් භාසුර)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාට වැරදිකරු වී සිදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම ධර්ම විනයානුකූලව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තමන් ඇතුළු දස නමකගෙන් සමන්විත සංඝසභා නියෝජිත පිරිසක් බන්ධනාගාරයට පැමිණීමට සූදානමින් සිටින බවත් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමුකරමින් දැනුම්දී තිබේ.
ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස ද මහානායක හිමියෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවවරයාට ද එම ලිපියේ පිටපතක් යොමුකර තිබේ.
සිදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කර අධිකරණයට ගෙනයෑමේ සිද්ධිය පසුගිය සතියේ මෙරට වඩාත් ආන්දෝලනාත්මක සිද්ධියක් බව පත්වූ අතර ඒ අනුව අධිකරණ අමාත්‍යංශය නව නීති ඉදිරිපත් කරවන ස්වාමීන්වහන්සේ සිවුරෙන් අධිකරණවලට ගෙන ඒමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලැ ගෙදර ගිහින් ඔය රෙද්ද පොරවා ගනින්....
නාමල් බබාටත් සුදු අඳින්න බන්ධනාගාරයට යන්න බැරිද?
ඊයා
ඒහේ දවස් දෙකක් නතරවෙලාම ආවා නම් නරකද?
මළ කෙලියයි !!! එක සිරකරුවෙකුට සිවුරක් අන්දන්න තව සිවුරු දහයක් හිරගෙදරට යාමට උත්සාහ කරන එක තරම් විනොදයක් බන්ධනාගාරයක් තුළ මෙතෙක් සිදුවී ඇත්තේද කියා කිසිම ලොක වාර්තා පොතක සඳහන්ව නැත. ඊටත් වඩා හාස්‍යජනක සිද්ධිය වන්නේ, අපේ රටේ බෞද්ධ ජනතාවට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරනවා කියන, සියම් මහා නිකායේ කොට්ටෙ පාර්ශ්වයේ, මහානායක, ආචාර්ය පට්ටම් හිස මත තබා ගෙන සිටින මේ හාමුදුරුවෝ බන්ධනාගාරයක්, තුළ මෙවැනි උතුම් කටයුත්තක් සිදු කරනවාද? ඔය තරම් වටිනා ආචාර්ය පට්ටමක්වත් නැති මගේ සීයා නම් කියන්නෙ, සාටකයක් ගෙල වටා එල්ලනවාට වඩා උතුම් විදියට චීවරයක් විහාරස්ථානයක, සීමාමාලකයක් තුළදී, උගත් බුද්ධිමත්, විනයධර, ධර්මධර මහසගරුවනගෙ ආශීර්වාදය මැද මිස විවිධ අපරාධවලට සම්බන්ධව ජම්පරය ඇදගෙන හිරබත් කන සිරකරුවන් සිටින බන්ධනාගාරයක් තුළ මෙවැනි උතුම් කටයුත්තක් සිදු කර බුදු දහමේ අගය, වටිනාකම අහොසි කිරීමට මෙ හාන්දුරුවන් උපදෙස් ගත්තේ පසුගියදා විහාර මහා දේවි උද්‍යානයේත්, අති උතුම් අනුරාධපුර පූජා භූමියේත් පැල් බැඳගෙන, මහසොනාට, රීරි යකාට දුන් දොළ පිදේනි, පුළුටු සංග්‍රහ එකට බෙදා ගෙන කාබී මොළය විකෘති වී පිස්සු කෙළින විවිධ වර්ගයේ චී වරධාරීන්ගෙන්ද කියාය ...
මේක හොඳයි . හැබැයි ළමා අපචාර වලට අහු වෙලා හිරේ ඉන්න කට්ටියගේ සිවුරු ගලවන්නත් ඔය ගොල්ල යන්න ඕන .
මල විකාර, ඕක තමයි මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ. පින්ට කකා ඉන්න පිං ගුත්තරයෝ.
එතකොට සිවුරක් එක්ක විත්ති කූඩුවේ ඉන්නා ස්වාමීන් වහන්සේගෙන් හරස් ප්‍රශ්න අහනකොට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද?
අර සූර ගොල්ලෝ අරක්කු බීලා වෙලේත් නැවත ඔබ වහන්සේලාද නැවත ගිහිල්ලා ආණ්ඩුවේ?
මහානායක හාමුදුරුවනේ! විනයකර්ම කරගන්න පොයගේයක් බන්ධනාගාරය ඇතුළේ හදාගත්තොත් හොඳයි නේද...? ඉතාම කාලෝචිතයි කියලා මට හිතෙන්නේ.
ඕක විතරමයි හාමුදුරුවනේ අඩුවෙලා තිබුණේ. එතකොට අනික් සිරකරුවන්ට ?????????????????????????????
ලියුම ලියල එවපු මහ එකයි , අනික් කහකඩයෝ නමදෙනයි බන් ගනාගාරයට ගෙන්නලා ඔවුන් ඇඳන් ඉන්න වා කඩ සරම ගලවල ඔළුවේ ඔතලා යවන්න