(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු කර වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (02) ප්‍රතික්‍ෂෙප කළේය.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු ඇප දීමට තරම් සුවිශේෂි නැතැයි උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
මාධ්‍ය හමුවකදී ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක දඩයකටද මීට පෙර අවස්ථාවක යටත් කෙරිණී.
2006 නොවැම්බර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී පැවති ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ජාතීන් හා ආගමික සංහිඳියාවට හානි කළ බවට ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් චෝදනා දෙකටම වරදකරු කොට විනිසුරුවරයා ඔහුට අදාළ දඬුවම් නියම කෙරිණී.
COMMENTS
කූරගලත් බෞද්ධයින්ට නැතිවෙයි වගේ... සිංහලයාට අරගල කරලා ඕවානේ ඕනෑ වුනේ...!
සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කතා කළ ඔබ වහන්සේට සිදුවුණ මේ දෙයට මගේ නම් තිබෙන්නේ බලවත් කණගාටුවක්... ඔබ වහන්සේට බුදුසරණයි..!
සිංහල බෞද්ධ රටේ ෂර්යා නීතිය ඉල්ලපු පාහර හම්බයෙකුට බෞද්ධ භික්ෂුවක් හිරේ යවන්න තරම් ප්‍රබල කලේ රනිල්, අනුර, සජියා වැනි පාහර දේශපාලකයෝ. සිංහල අපි ආගම් වාදියෝ කියන සිංහලයින්ට හෙනම ගහන්න ඕනේ. අපිට මේ රට අතීතයේ සිටම රැකදුන්නේ මේවගේ භික්ෂුන් මිස සිල් රකින භික්ෂුන් නොවෙයි.
අවස්තාව ලැබුන විට මේකේ පලිය ගමු අපේ හාමුදුරුවනේ.