IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජා.ජ.බ දැනට පුංචි ආණ්ඩු 151ක් හදයි

(අංජුල මහික වීරරත්න)

ජාතික ජනබලවේගය මේ වන විට දිවයිනේ පළාත් පාලන ආයතන 151ක බලය පිහිටුවා තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන හයකද ,ජාතික කොංග්‍රසය පළාත් පාලන ආයතන දෙකකද,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන එකකද,ස්වාධීන කණ්ඩායම 1 පළාත් පාලන ආයතන එකකද බලය පිහිටුවා ඇත.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මේ වනතෙක් එකදු පළාත් පාලන ආයතනයකවත් බලය පිහිටුවා නැත.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය  මන්මුනෙයි බටහිර,පෝරතිව්පත්තු, කරච්චි,පුනාකරි,පුතුකුඩි ඉරිප්පු, වෙරුගල් යන ප්‍රාදේශීය සභා වල බලය පිහිටුවීය.

ජාතික කොංග්‍රසය අක්කරෙයිපත්තු මහ නගර සභාවේ සහ අක්කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කාත්තන්කුඩි නගර සභාවේ බලය පිහිටුවා ඇති අතර ස්වාධීන කණ්ඩායම 1 තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීය.

2025 මැයි 31 වන දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයට අනුව ඉහත පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් පත් කරමින් අදාල දේශපාලන පක්ෂ බලය පිහිටුවනු ලැබ ඇත.



අදහස් (1)

ජා.ජ.බ දැනට පුංචි ආණ්ඩු 151ක් හදයි

අරවින්ද මොණරවිල Monday, 02 June 2025 04:51 PM

අනුන්ගේ ඒවට කුරුමානම් අල්ලන සජබ හොර බළලුන්ට අන්තිමට අතේ තියෙන සභා ටිකත් නැතිවෙන පාටයි මිත්‍රවරුනි...!

:       3       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site