රංජන් කස්තුරි
ආසන පටි, වායු බැලුන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති වාහන ආනයනය ජූලි මස පළමු වැනි දා සිට තහනම් කර තිබේ.
ඒ අනුව ජූලි මස පළමු වැනි දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියදුරු සහ ඉදිරිපස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලුන, අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස හා පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බස් ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
ජුලි වෙනකම් ගෙන්වපුවාම හොඳටම ඇති. අනේ මෙහෙම ටිකිරි මොලයක්...
මේවා ඉන්දියන් වාහන වල තිබෙනවද ?
මොකද ජූලි මාසය වෙනකන් ඉන්නෙ? ඊලඟ මාසේ ඉඳලා ක්‍රියාත්මකරාම හරිනේ.
එහෙම නම් මොකටද ඉන්දියානු වාහන මිල අඩුකරලා දෙන්න හදන්නේ?
ආරක්ෂාව පැත්තෙන් බැලුවම හොඳ තීරණයක් ,නමුත් බොහෝවිට මෙවැනි වායු බැලුන් වැනි ආරක්ෂාකාරී ක්‍රමවේදයන් තිබෙන්නේ බොහෝවිට සිලින්ඩර් ධාරිත්ව 1000 ට වැඩි වාහන වල බව පෙනේ 1000වැඩි වාහන මෙරටට ගෙන්වන විට විශාල තිරුබද්දක් අයකරනු ලැබේ , සාමාන්‍ය පුද්ගලයන් පාවිච්චි කිරීමට පෙළඹී ඇති සිලින්ඩර් ධරිත්ව 1000 අඩු මරුටි වැනි වාහන වල බොහෝවිට මේවා නැත , කරුණාකර මේ නිතිය සිලින්ඩර් ධරිත්ව 1000 ට වැඩි වාහන වලට පමණක් ගේනවා නම් හොඳය . නැත්නම් සියලු දෙනාටම මිලදී ගත හැකි ආකාරයට 1000-1500 අතර වාහන වලට ගහන තීරුබද්ද අඩුකරන්න . එතකොට අලුත් හොඳ තත්වයේ වාහන පාරේ ධාවනය වන විට , පදිකයන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව වැඩි වේ .