
(සුජිත් හේවාජුලිගේ )
වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.
මෙයට අමතරව වියදම් වාර්තා භාර නොදුන් දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව කුලරත්න මහතා සඳහන් කළේය.
වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධිකය.
ඒ අයටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කෙරේ.
ඒ ඒ පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
වියදම් වාර්තා භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ.
COMMENTS
නොදන්නා කමට අහන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීතී) තනතුරක් තියෙනවා. අහලා තියෙන හැටියට තනතුරු අනුව කොමසාරිස් කියන්නේ නීතිමය කටයුතුද කරන්න පුළුවන් තනතුරක් නේද? එහෙම නම් නඩු පැවරීමට පොලිසියට කියන්නේ මොකටද? (උදාහරණයක් හැටියට මහජන සෞඛ්‍ය පරීක්ෂකලා, අල්ලස් හෝ දූෂණ අධිකාරියේ නිලධාරි හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරි නඩු පැවරීමට පොලිසියේ පිහිට පතන්නේ නැහැ නේද මේක පැහැදිලි කරන්න)
මෙම ප්‍රකාශවලට නැවත ඡන්දවලට ඉදිරිපත්වීම තහනම් කරන්න.