IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජාජබ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරයි

(මුදිතා දයානන්ද)

වත්මන් ජනාධිපති ඉල්ලා අස්වන්නේ නම් රටේ වගකීම බාරගන්න අපි සුදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

වත්මන් ජනාධිපති යටතේ සර්වජන හෝ අන්තර්කාලීන හෝ කුමන ආකාරයේ පාලනයක් ඇති කරන්නට උත්සාහ කළද එය ජනතාව පිළිනොගන්නා තත්වයක් මතුව තිබෙනවා. ඒ නිසා පළමුව ජනතාව ප‍්‍රතික්ෂේප කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත් විය යුතු බව එම යෝජනාවලියෙහි පළමු පියවර ලෙස ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කියයි. 

එසේ ජනාධිපති ඉවත් වු පසු දැනට අගමැතිවරයකු නොමැති තත්වයක් තුළ ව්‍යවස්ථාවේ පවතින ප‍්‍රතිපාදන අනුව කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතු බවද එහි දෙවන යෝජනාව ලෙස ඉදිරිපත් කර ඇත.

මාස හයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්විමෙන් නව පාලනයකට ඉඩදිය යුතු බවද ඒ අතරතුර කාලයේ වත්මන පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සහය දෙන්නේ නම් පමණක් තම පක්ෂය රටේ වගකිම භාරගන්නාවා. එසේ නොවන්නේ නම් සෙසු පක්ෂවලට අන්තර්කාලින පාලනයක් පිහිටුවා ගන්නට ඉඩ දි විපක්ෂයේ සිට රට ගොඩනැගිමට අවශ්‍ය සහය ලබාදෙන බවද අනුර දිසානායක මහතා සිය වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මැතිවරණය පවත්වන කාලය දක්වා තාවකාලික ජාතික ජනබලවේගයේ ප‍්‍රධානත්වයෙන් තාවකාලික පාලනයක් ඇති කරන්න සූදානම් එසේ නොවන්නේ නම් වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන පාලනයක් ඇති කරන්න පුලූවන් අපි විපක්ෂයේ සිට අවශ්‍ය සහය ලබාදෙන්න සූදානම්

ඉහත කුමන ආකාරයෙන් පත්වන අන්තර්කාලීන ආණ්ඩුව විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් වත්මන් ජනාධිපතිගේ හා අනාගතයේ බිහිවන ජනාධිපතිවරුන්ගේ බලතල සිමා කරන යෝජනා මූලික අවශ්‍යතා සපුරන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතුයි.

ජනමත විචාරණයත් මැතිවරණයත් දෙකම එකවර පැවැත්විය යුතුයි මාස හය කාලය තුළ එළියේ සිටින අරගලකරුවන්ද නියෝජිතයන් වෘත්තියවේදින් සිවිල් සංවිධාන වලින් යුත් අධීක්ෂන මණ්ඩලයක් පත් කළ යුතුයි.

රටේ වත්මන් අර්බුදය විසඳිම සඳහා ජාතික ජනබලවේගයේ විසඳුම් යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

 



අදහස් (3)

ජාජබ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරයි

සාන්ත Wednesday, 11 May 2022 02:22 PM

කලින් කව්රුත් බෑ කිව්වා. දැන් ඒකටත් ඡන්දයක් තියන්න වෙයි වගේ..

:       2       9

ලොක්කා Wednesday, 11 May 2022 02:48 PM

මේ වගේ වෙලාවක ජනාධිපතිකම ගත්තොත් තමයි ඉතින්... ඡන්දෙකින් එන්න බෑනේ කවදාවත්...

:       15       11

kasun Wednesday, 11 May 2022 03:14 PM

බළලා පැන්නා මල්ලෙන් එළියට.. 88/89 වගේ ගිනිතිබ්බේ ඔන්න ඕක ඕනෑ නිසා. අපි නොදන්න ජවිපය..

:       8       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 536 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site