
(විමුක්ති එස් රුද්‍රිගු)
කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අද පැවැති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව කැනඩා මාධ්‍ය වාර්තා කිරීමත් සමග අගමැති ටෘෘඩෝ අද එරට වේලාවෙන් පෙරවරු 10.45 ට මාධ්‍ය හමුවක් කැඳවූ අතර එහිදී තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.
නව නායකයකු තෝරා ගන්නා තෙක් පාර්ලිමේන්තු කටයුතු එළැඹෙන මාර්තු 24 වැනිදා තෙක් අත්හිටුවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
තමන් කැනඩාව පිළිබඳව සැමවිටම සිතන බවත් මේ අවස්ථාවේ සිය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය මෙය බව තමන් විශ්වාස කරන බවත් අගමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරමින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
කැනඩාවේ ඇතිවෙමින් තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට තමන් උත්සාහ දැරුවත් මාස කීපයක සිට සුළුතර නියෝජනය හේතුවෙන් පාර්ලිමේන්තුව අඩපණ වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගියහම ඔයා පිළිගත්තු අර දෙමල නිජබිමට මොකද වෙන්නේ?
ඕනෙ නම් දෙන්නම් අපේ රටේ ඉන්නවා ඕනෑම දෙයක් විනාශ කල හැකි දේශපාලුවෝ ටිකක්. ඒක දුරකථන ඇමතුමක වියදම විතරයි යන්නේ.. එවැනි යන සියලු විය හියදම් පොදුජනයා දැරීමට සුදානම්.
ක්ලීන් කැනඩා?
එකනේ අපේ අප්පච්චි ජනේලයෙන් හරි එල්ලිලා බලය ගන්න බැලුවේ
අපේ රනිල් කැනඩාවේ අගමැති පුරප්පාඩුවට සුදුසු නැද්ද ?
මේ ඔක්කොම පැරදෙමින් පක්‍ෂ නායකත්වය අතහැරීම ප්‍රතික්ෂේප කරනවා.... මහජනයාට තම අභිමත දේශපාලන තීරණය ගැනීමට අවශ්‍ය පරිසරය නැති කරනවා. මැතිවරණ පරාජයකට පසු පක්‍ෂ නායකත්වය අලුත් අයට පැවරීම පක්‍ෂ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කිරීම අනිවාර්ය කරන නීතී අවශ්‍ය නැතිද?