
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඇමරිකා තනාපතිනී ජුලී චන්ග් (Julie Chung) මහත්මිය අද(27) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප නිලධාරීන් හමු වූවාය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල ඇතුළු එජාප නිලධාරීහු මීට සහභාගී වූහ.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ඇමරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
ඇමෙරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් අතර සිරිකොත දී පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.එජාප නිලධාරීන් සහ ඇමරිකා තානාපතිනිය අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවද අබේවර්ධන මහතා කීය.
සාකච්ඡාවෙන් අනතුරුව ජුලී චන්ග් මහත්මිය සිරිකොත මූලස්ථාන පරිශ්‍රයේ ඇවිද එහි අතීත සිහිවටන දැක බලා ගත්තාය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජුලී චන්ග් සිරිකොතට
යෝගා Thursday, 27 March 2025 04:36 PM
බටලන්ද කේස් එක ආණ්‌ඩුවට අවාසියි. දෙපැත්ත බැලන්ස් කරන්න ඇවිල්ලා
කව්ද බෝයි Thursday, 27 March 2025 05:20 PM
මළ ජූලියයි !!!
අරවින්ද මොණරවිල Friday, 28 March 2025 01:45 PM
ලංකාවේ දේශපාලන කෞතුකාගාරයක් බලන්න ජූලි චංග් නෝනට ආස හිතෙන්න ඇති.
සමන් - ඕමානය Friday, 28 March 2025 02:36 PM
මෙයා ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්නේ අද ඊයේ ඉඳලා නොවෙයි. ඉක්මන්ම තොලොංජි වෙලා ආපහු යනවා නම් ලංකාවට හොඳයි.
prasanna Saturday, 29 March 2025 05:31 PM
මෙම ආණ්ඩුව නවත්වන්නේ මෙයා..!