දයාසීලි ලියනගේ
ජල ගැල්මෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරිමේ වෘථ්තිය ක්‍රියාමර්ගයෙන් ඉවත් වන ලෙසට විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දී ඇත.
විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද දිර්ඝකාලීන ජනන සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම පිළිබඳව විරෝධය දක්වා විදුලි ඉංජිනේරු සංගමය සති දෙකක කාලයක් තිස්සේ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමර්ගයක නිරත වන බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.
ආපදාවලට පත්වී සිටින දිස්ත්‍රික්ක 14 ක විදුලි ඉංජිනේරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෘත්තිය ක්‍රියාමාර්ග වලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇතැයි ද ඔහු කීය.
අනෙකුත් දිස්ත්‍රික්කවල වෘත්තිය ක්‍රියාමාර්ගය දිගටම ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ වෙලාවට සේවයට වාර්තා කර නියමිත වැඩ රාජකාරි නිසිලෙස කරනවකියන එකනේ .ඉතින් කොච්චර හොඳද රට දියුණුවට එවන් නිලදාරීන් අවශ්‍යම මොහොතක අපගේ රට මේ සිටින්නේ.අප සුබ පතනවා මෙවන් නිලධාරින්ට ඔවුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සාර්ථකවී තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා.
ඉංජිනේරු කට්ටිය තමන්ගේ වැටුප් වල බදු මුදලුත් මණ්ඩලේ සල්ලි වලින් ගෙවන ගමන් තමයි මේ පම්පොරි. ලජ්ජයි මහත්තයෝ...............
කෝ හදිසි නීතිය, කෝ හමුදාව ? කොන්ද නැතිනායකයෝ රට පාලනය කරනකොට හැම හිවලාම දත නියවනවා, මිනිස්සු හා දුක් විඳිනවා.