
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද( 04 ) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දුන්නේය.
නව තරුණ මන්ත්‍රීවරයෙකුට එම අවස්ථාව ලබාදීම සඳහා ආදර්ශයක් ලබාදීම සහ වර්තමාන පාලකයන් තමන්ගෙන් කිසිදු සේවාවක් උපදේශයක් හෝ ලබා නොගැනීම නිසා තමන් කණගාටුවෙන් සිටීම නිසාවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.
ජාලිය ඕපාත මහතා අද (04 ) පෙරවරුවේ සිය නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එහිදී වූ ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මෙම ධුරයෙන් ඉවත්වීමට කරුණු කාරණා කිහිපයක් බලපෑ බවයි. තමන් මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක කාරකාදීන්ට දැනුම් දී තිබෙන බවත් එ අනුව වර්තමාන නාගරික කොමසාරිස්වරිය නගරාධිපතිවරයා ඇතුළු සියලු දෙනාට ලිඛිතව දැනුම් දීම සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාගෙන් උපදෙස් ගන්න ඕනෑ කොමිස් ගහන්න, හොරකම් කරන්න හා මහජන දේපල අයථා විදිහට භාවිතා කරන්න වගේ වැඩ වලට තමයි. ඒවා වර්ථමාන පාලකයන් නොකරන නිසා ඒ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ...
දඹුල්ලේ මිනිස්සු දන්නවා මෙයා හොඳම කම්බ හොරා කියලා...
මෙයාත් නීතී විරෝධි උපයා ගැනීම් වෙනුවෙන් ඇතුලට යාමට ඉඩ ඇත....
කොළඹ පැත්තේ කොම්පැනියකට දීපු බිස්නස් වලට හරියන්න වෙන වැඩක් කර කැ හිටියා. ටෙන්ඩර් පටිපාටියක් නැහැ. කියන ගණන් ගෙව්වා. හැබැයි සැපේ අඩුවක් නැහැ.
එකිනෙකට පරස්පර හේතු ගණනාවක්, හැබැයි ඒවා බොහෝමයක් තමන්ගේම පක්ෂයේ ප්‍රශ්න, නිකන් මුදුන වෙන්න කියනවා මෙයාගෙන් උපදෙස් නොගන්න නිසායි කියලා. අංක එකේ ගොන් පාට්...!
උපදෙස් ගන්න මරු බඩු.... කලින් කොරේ හොඳට උපදෙස් නැතුව , බංකොලොත් කිරීමට වගේ උපදෙස් වලට නම් හාහ්හ්හ්හ්