IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජාලිය ඕපාත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල මහනගර සභාවේ  ලංකා පොදු ජන පෙරමුණ  නාගරික මන්ත්‍රී  දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද(  04 )  විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දුන්නේය.

 නව තරුණ මන්ත්‍රීවරයෙකුට එම අවස්ථාව ලබාදීම සඳහා ආදර්ශයක් ලබාදීම සහ වර්තමාන පාලකයන්  තමන්ගෙන් කිසිදු   සේවාවක් උපදේශයක් හෝ ලබා නොගැනීම නිසා තමන්   කණගාටුවෙන් සිටීම නිසාවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

 ජාලිය  ඕපාත මහතා  අද (04 ) පෙරවරුවේ සිය නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහිදී වූ ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මෙම ධුරයෙන් ඉවත්වීමට කරුණු කාරණා කිහිපයක් බලපෑ බවයි. තමන් මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක කාරකාදීන්ට දැනුම් දී තිබෙන බවත් එ අනුව වර්තමාන නාගරික කොමසාරිස්වරිය නගරාධිපතිවරයා ඇතුළු  සියලු දෙනාට ලිඛිතව දැනුම් දීම සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය



අදහස් (6)

ජාලිය ඕපාත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 01:50 PM

මෙයාලාගෙන් උපදෙස් ගන්න ඕනෑ කොමිස් ගහන්න, හොරකම් කරන්න හා මහජන දේපල අයථා විදිහට භාවිතා කරන්න වගේ වැඩ වලට තමයි. ඒවා වර්ථමාන පාලකයන් නොකරන නිසා ඒ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ...

:       12       89

Somathilaka Monday, 04 August 2025 02:17 PM

දඹුල්ලේ මිනිස්සු දන්නවා මෙයා හොඳම කම්බ හොරා කියලා...

:       9       61

සාමෙල් Monday, 04 August 2025 03:24 PM

මෙයාත් නීතී විරෝධි උපයා ගැනීම් වෙනුවෙන් ඇතුලට යාමට ඉඩ ඇත....

:       12       50

rajiv Monday, 04 August 2025 06:46 PM

කොළඹ පැත්තේ කොම්පැනියකට දීපු බිස්නස් වලට හරියන්න වෙන වැඩක් කර කැ හිටියා. ටෙන්ඩර් පටිපාටියක් නැහැ. කියන ගණන් ගෙව්වා. හැබැයි සැපේ අඩුවක් නැහැ.

:       5       29

සෙනෙවිරත්න Monday, 04 August 2025 09:12 PM

එකිනෙකට පරස්පර හේතු ගණනාවක්, හැබැයි ඒවා බොහෝමයක් තමන්ගේම පක්ෂයේ ප්‍රශ්න, නිකන් මුදුන වෙන්න කියනවා මෙයාගෙන් උපදෙස් නොගන්න නිසායි කියලා. අංක එකේ ගොන් පාට්...!

:       3       17

Kalum chandana Tuesday, 05 August 2025 11:44 AM

උපදෙස් ගන්න මරු බඩු.... කලින් කොරේ හොඳට උපදෙස් නැතුව , බංකොලොත් කිරීමට වගේ උපදෙස් වලට නම් හාහ්හ්හ්හ්

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site