IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමති තුනක් උද්ඝෝෂකයන්ට කොටු වෙති

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

 

සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන්  ප්‍රනාන්දු මනුෂ නානායක්කාර සහ  හෙක්ටර් අප්පුහාමි  යන මහත්වරුන්  පාර්ලිමේන්තුවෙන්  පිටව යද්දී  පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර  ප්‍රදේශයේදී  උද්ඝෝෂණකරුවන් පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන හරස්  කර නතර කරවා ගෙන  ඔවුන්ට බැන තර්ජනය කිරීම නිසා  ඒ  ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් අද (6) පස්වරුවේ ඇතිවිය.

"උඹලා ඔක්කොම එකයි. මෙච්චර දවස් කළේ උඹලා  ඩීල් දාපු එක.මුන්ට යන්න දෙන්න හොඳ නැහැ" යනුවෙන් පවසමින් උද්ඝෝෂණ කරුවෝ මෙහිදී  හඬ නැගූහ .

මන්ත්‍රීවරුන්ද  මෙහිදී අදහස් දැක්වීමට උත්සාහ   දරුවත් ඊට උද්ඝෝෂණකරුවන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.

මන්ත්‍රීවරුන්ට බැන තර්ජනය කළ පිරිසේ කාන්තාවෝද වූහ.

මන්ත්‍රීවරුන් තිදෙනා ඒ ස්ථානයෙන් පිටවී යාමට උත්සාහ දැරූ අවස්ථාවේදීද උද්ඝෝෂණකරුවන්ගෙන්  දැඩි බාධා එල්ල වූ අතර ඔවුන් ඒ ස්ථානයෙන් පසුව දැඩි පරිශ්‍රමයක් දරා පිටව ගියේ  උද්ඝෝෂණකරුවන්ගේ හූ හඬ මධ්‍යයේය.


(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (6)

ඇමති තුනක් උද්ඝෝෂකයන්ට කොටු වෙති

chandima Friday, 06 May 2022 09:08 PM

රෙදි ගලවලා පයින් යවන්න තිබුණේ...!

:       1       38

Prabha Friday, 06 May 2022 09:22 PM

දැන්වත් තේරුම්ගන්න මිනිස්සුන්ට නුඹලා සේරම අපුල බව..

:       1       47

Dixon Saturday, 07 May 2022 01:02 AM

පේනවා නේද අම්මගේ, අප්පගේ බූදලයෙන් ලැබුණු සල්ලිවලින් ගත්තු වාහන වගේ ඒවා පාවිච්චිකරන හැටි. ජේ.ආර්ගේ මන්ත්‍රීන් සන්තෝසම් ක්‍රමය එදා ඉඳලා පත්වුණු හැමෝම කරගෙන ආවා. ඉතින් ඩොලර් ඉතිරිවේයැ. බයිසිකලයක්වත් ලංකාවේ හදන්නේ නැතිව ජනතා සල්ලිවලින් වාහන අරගත් මේ අයට ලැජ්ජාවක් නැති හැටි...!

:       0       1

dasa Saturday, 07 May 2022 06:02 AM

මේ ඔක්කොම එකයි මිනිසුනේ..!

:       0       0

සුජිත් පල්ලේවත්ත Saturday, 07 May 2022 07:21 AM

අව්‍යාජ අරගලය මෙතැන පමණක් දැක්කෙමි. මොවුන් සිතාගෙන හිටියේ මොවුන්ව ජනතාව ප්‍රතික්ෂේප නොකළ බවයි. තාත්තා කියපු නිසා පල්ලි නොගොස් තම ජීවිතය පමණක් බේරාගත් අයටද මෙය හොඳ පාඩමකි...

:       0       1

sene Saturday, 07 May 2022 07:43 AM

අන්තිමේදී පාර්ලිමේන්තුවේ ඇතුළත ජනතාව බේරාගැනීමට ඉදිරිපත් වුණු අතළොස්සකට ජනතාව නින්දාකොට පහරදීමට තැත්කළ ජනතා හිතවාදීන් කියනා අරගලය දියාරු කරන අය පන්නා දමන්න... ඒවා රාජපක්ෂ පිල්ලි තමයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31272 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13458 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10987 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 93 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 278 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site