IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන්  වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ  වැඩබලන මහලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04)  වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පැවැත්විණි.

මේ වැඩසටහනට  පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් නීතිඥ  හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) ජයලත් පෙරේරා හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා  අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් යන මහත්වරුද සහභාගී වූහ.

පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව  මෙහිදී  විද්‍යාර්ථීන්  පුළුල් අයුරින්  දැනුවත්  කළේය.

අනතුරුව විද්‍යාර්ථීන්  ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පාර්ලිමේන්තු ප්‍රධානීහු පිළිතුරු දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව  මෙවැනි වැඩමුළු  සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළේය.

තවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව  විශ්වවිද්‍යාලවල  අරඹා ඇති කෙටි පාඨමාලා සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද සම්බන්ධවීමට කැමැත්තෙන් පසුවන බව  හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

දැනුවත් කිරීමේ වැඩසටහනෙන් අනතුරුව විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ චාරිකාවක්ද සංවිධාන කෙරිණ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව  එම චාරිකාව සංවිධානය කළේය.

 



අදහස් (0)

ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site