IMG-LOGO

ජපානයේ බුලට් දුම්රියක රෙස්ලින්ග් තරඟයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් තරඟයක් පවත්වා ඇත. එම දුම්රිය ටෝකියෝ සිට නගෝයා දක්වා ධාවනය වන අතරතුර මෙම තරඟය පැවැත්වීම විශේෂත්වයකි.

මෙම තරඟය නැරඹීම සඳහා නිකුත් කළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වී තිබේ.මිනෝරු සුසුකි සහ සන්ශිරෝ ටකාගි යන රෙස්ලින්ග් ක්‍රීඩකයන් අතර මෙම තරඟය පවත්වා ඇත.විනාඩි 30 ක් පුරා පැවති රෙස්ලින්ග් තරඟය නැරඹීම සඳහා 75 දෙනෙකු පමණ සහභාගී වී තිබේ.ධාවනය වන බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් ක්‍රීඩකයන් දෙදෙනා ඔවුන්ගේ හැකියාවන් මනාව ප්‍රදර්ශනය කළ බව තරඟය නැරඹු ප්‍රේක්ෂකයන් ප්‍රකාශ කර ඇත.

තරඟයේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර ඇති අතර එම වීඩියෝවට විශාල ප්‍රතිචාර සංඛ්‍යාවක් මේ වන විට ලැබී තිබේ.බුලට් දුම්රියක් පැයට කිලෝ මීටර 300 ක පමණ වේගයකින් ධාවනය වේ.



අදහස් (2)

ජපානයේ බුලට් දුම්රියක රෙස්ලින්ග් තරඟයක්

Anura Friday, 22 September 2023 09:22 AM

ඇයි අපෙ රටෙ දුම්රියට මොකද වෙලා තියෙන්නෙ, කොළඹට යන කොට ටෙස්ට් මච් 1 ක් උනත් ගහන්න පුලුවන්නෙ.

:       0       5

Bunny Preena Friday, 22 September 2023 02:28 PM

කොහොම උනත් අපේ දුම්රිය මගින් දාන රෙස්ලින් ව්ලාට වෙන රටවල උන්දලෑට කොහොමටත් කිට්ටු කරන්න බැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site