
(අංජුල මහික වීරරත්න)
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07)සිදු කෙරිණි.
2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින්, මෙම සංගණන මූලික වාර්තාව සකස් කර ඇත.ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන්වේ.
සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම අනෙකුත් ආයතන සඳහාද ඉතා වැදගත් වන බව ජනාධිපති කාර්යාලය පවසයි. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කිරීමද මෙවර සංගණනයේ විශේෂත්වයකි.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනවිරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජන හා නිවාස සංගණන වාර්තාව ජනපතිට
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 07 April 2025 03:23 PM
වටගල වගේ බූරුවන්ගේ සංගණනයකුත් මේ වාර්තාවට ඇතුළත්ද?