
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI සමුළුවට( AI Impact Summit 2026) සහභාගී වීම සඳහා හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිතය. දින පහක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම ඉන්දියාන සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැනදී කතා කරන්න බැරිද අර යූ ටියුබ් එකේ සිංහල සිංදු වෙන් කරලා දාන අය නවතන්න ක්‍රමයක් ගැන...
Saara ගැන මේපාරවත් අහන්න හොඳේ
බලාගෙන බොත්තම මාරු වෙයි
අපේ ලංකාවේ බලශක්ති ප්රශ්නය තාක්ෂණික පැත්ත දියුණු කිරීමට ප්‍රධාන බාධකයක්ව තියෙනවා. ඩේටා සෙන්ටර් එකක් දාන්න බෑ. විදුලිය දීමේ හැකියාවක් නැ. ග්‍රිඩ් එක හරිම අස්ථාවරයි. මිල වැඩියි. අනිත් දේ තමයි ගෝඨාට පිං සිද්ධ වෙන්න හිටපු වැඩ්ඩෝ වැඩි හරියක් දැන් වෙන රටවල. එතකොට ශ්‍රමය හා විශේෂඥ ඥාණය නෑ. හැබැයි හොඳ කලදාසාවක් පෙන්නුවොත් ඒ අයගෙන් කීප දෙනෙක් ගෙන්න ගන්න පුළුවන් වෙයි සමහර විට. අනිත් එක තමයි ඉන්දියාව සාපේක්ෂව අපි හරිම ගණන් වැඩි. පඩි නඩි ආදිය. නැත්තන් AI වලින් අපිට තැනකට යන්න තිබුනා.