IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර දිසානායක මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නා හිමි සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද එක්ව සිටියහ.



අදහස් (7)

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

යෝගා Friday, 25 April 2025 02:53 PM

කුණු කන්දේ ගඳ මහානායක හාමුදුරුවන්ටත් දැනුනද කියලා අහන්න වෙන්නැති.

:       26       20

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 03:02 PM

පන්සලට දානෙත් නැති වෙයි කිව්වා. පෙරහැරත් නතර කරයි කිව්වා. දැන් වෙන්නේ ඒක අනිත් පැත්තනේ අපේ හාමුදුරුවනේ. සුදු පිරුවට ඇදලා මිනීමරන හොරකම් කරන නායකයෝ වෙනුවට මහනායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව වැඩ කරන නායකයෙක් රටට ලැබිලා තියෙනවා. ඒ ගැන කුහක වෙන්නේ නැතුව සතුටු වෙන්න පුළුවන් නේද අපි හැමෝටම ?

:       76       34

Pacha Friday, 25 April 2025 03:13 PM

ඔන්න ඔය කට්ටිය තමා මාලිගවට බෝම්බ ගෑහුවේ. පලදෙන්න ඕනේ නැද්ද හාමුදුරුවනේ.

:       26       19

Gamo Friday, 25 April 2025 04:02 PM

තක්කඩියාගේ අවසාන නවාතැන...

:       15       18

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:29 PM

ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැ දකියි කියලා හෙඩිමේ දැම්මාම ඔයා හිතුවේ මහින්ද ගියා කියලද ?.... සම්පූර්ණ නිවුස් එකම කියවලා ඉන්න!

:       2       0

prasanna Friday, 25 April 2025 06:48 PM

රාජපක්ෂලාට විරුද්ධ නම් ... දේවදත්ත ආවත් පුටුවක් දෙනවා වාඩිවෙන්න.

:       0       1

ගාමිනි දිසා Saturday, 26 April 2025 04:50 AM

අපේ හාමුදුරුවරු රවට්ටලා දේශපාලනයෙන් හිර කරලා කාඩිනල්ව සහ ජූලී චුන්ග් ලන්කාවේ නායකයෝ කල්ලා මේ පචද්‍රෝහියා තවත් රවට්ටනවා බෞද්ධ ජනතාව…

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site