IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති දිසාපතිවරුන් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවැති සාකච්ඡාවේදීය.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%- 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව පැහැදිලි කළේය.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතාවට පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතුවී ඇති බව පෙන්වා දුන්නේය.

තෘප්තිමත් රාජ්‍ය සේවකයකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන ඇති අතර කාණ්ඩ වශයෙන් එම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවයේ මැද ස්ථරය එමඟින් සම්පූර්ණ වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

සංවර්ධනය යනු ගොඩනැඟිලි, පාලම් ඉදිකිරීම පමණක් නොවේ යැයි කී ජනාධිපතිවරයා කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබිය යුතු බව සඳහන් කළේය. එහි ප්‍රධාන කාර්ය භාරයක් දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව පවතින බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

තම දිස්ත්‍රික්ක වලට අදාළ ගැටලු මෙහිදී දිසාපතිවරුන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලද අතර ඊට අදාළ විසඳුම් ලබා ගැනීමේ අදහස් සහ යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

 



අදහස් (0)

ජනපති දිසාපතිවරුන් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site