
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී. කපිල)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටින් පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා හෙට (11)සිට 13 වැනි දා දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වන්නේ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුවයි. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපතිවරයා ජර්මානු ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
තවද මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවීමටද නියමිතය.
මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි... කුමාර ගිහින් පද්මේ හම්බවෙන්න...!
ජර්මනියෙන් රාජ්‍ය තාන්ත්‍රික ආරාධනයක් නැතුව රටේ සල්ලි කාබාසිනියා කරලා යන ගමනක්. යන්නේ කොටි ඩයස්‌පෝරාව හම්බවෙලා කන්ටේනර් මගඩියේ ගනුදෙනුව පියවා ගන්නද?
සහෝදරයෝ තවත් පොරොන්දු වෙලා ඉන්න...
සුබ පැතුම්... රටට සෙතක් වේවා...!