IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි

(අංජුල මහික වීරරත්න)

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයට පැමිණ වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා සහ වියට්නාම් ජාතික ධජ අතැතිව වියට්නාම් ජනතාව එහි පිවිසුම් දොරටුව අසලදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

විහාරස්ථාන භූමියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුහුද දෙරටේ ජාතික ධජ ලෙලවමින් සිය ආචාරය පිළිගැන්වූහ.

ජනාධිපතිවරයා විහාරස්ථාන භූමියේ පිහිටි ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත් අතර එම බෝධීන් වහන්සේ 2023 වසරේදී බායි ඩිං (Bai Dinh) විහාරස්ථාන භූමියේ රෝපණය පිණිස ශ්‍රී ලංකාවෙන් පූජා කරන ලද අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ ශාඛාවකි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ බෝධීන් වහන්සේ වටා ඉදි කරන ලද ප්‍රාකාරයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහිදී විවෘත කළේය.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විහාරස්ථාන පරිශ්‍රයේ සල් ශාකයක් රෝපණය කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු දූත පිරිස මෙම අවස්ථාවට එක්වූහ.

 

 



අදහස් (6)

ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි

Perera Monday, 05 May 2025 07:38 AM

කුහක දුදනන්ට ඔවුන්ගේ කූට සිතුවිලි ක්‍රියාවට නැංවීම අසාර්ථක වන විට, සත් භාවයෙන් වැඩ කරන කෙනෙක්ට වැරදි හදලා සාර්ථක ගමනක් යන්න දේව ආශීර්වාදත් ලැබෙනවා.

:       1       5

යෝගා Monday, 05 May 2025 10:34 AM

මහායාන බෞද්ධ ආගමේ පව් සමා කරගන්න ක්‍රමයක් තියෙනවලු. කරලා බලන එක හොඳයි.

:       7       4

Gagana Monday, 05 May 2025 12:50 PM

මුසාවාදා වෙරමනී...!

:       1       3

රම්බොඩ Monday, 05 May 2025 12:51 PM

හදවතින් නිරාගමික නම් බුදුපියාණන් වහන්සේ සැබැවින්ම දැක්කත් කුමන ඵලයක්ද?

:       3       4

Gunapala Monday, 05 May 2025 03:25 PM

මහ චේතිය මෙදවස දේවදත්ත...

:       0       0

Wasantha Monday, 05 May 2025 09:08 PM

අනේ මෝඩ තක්කඩි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site