
(අංජුල මහික වීරරත්න)
තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයක් පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වේ.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමටද නියමිතව ඇත.
ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු ප්‍රධානීන් සමඟ ද ජනාධිපති අනුර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහත්වරුන් අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා වටයක්ද පැවැත්වීමට නියමිතව ඇති අතර එමගින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහත්වරුන් ද හමුවීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. හෙට (10) සිට 13 වැනිදා තෙක් ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ නිරත වනු ඇත.
COMMENTS
සුබ ගමන් ජනපතිතුමෙනි, අපේ රටට යහපතක්ම වේවා...!
මහ චේතිය...!
පච ටිකක් ඕනෑ...
ජොලි සීයා කියූ පරිදි අපේ රට ජාත්‍යන්තරයෙන් කොන්වී ඇත.!
එක්සත් අරාබි එම්ර් රාජ්‍යයට සාධරයෙන් පිළිගන්නවා
සුබ ගමන් ජනපති තුමනි...
සුභ ගමන් ජනපතිතුමා... කටාර් සහ සෞදි නායකයන්වත් හමුවෙලා ආවොත් හොඳයි.
අනුර කුමාරත් හරියට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, දකුණු කොරියාවේ පාර්ක් චුන්ග් හී වගේ රටවල් වලට ගිහින් හිගාකනවා. අද සිංගප්පූරුව, දකුණු කොරියාව දියුණු රටවල් ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ බංග්ලාදේශය, උගන්ඩාව, සෝමාලියාව වගේ දියුණු රටවලට යන්න ඕනේ.