(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රාත්‍රී ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යයි .
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP 28) රාජ්‍ය නායකයන්, රාජ්‍ය - පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් හෙට (30) සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේදී පැවැත්වේ.
“කොප් 28” සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඉන් ප්‍රධානතම යෝජනාව වනුයේ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයක් (Climate Change university) මෙරට ඇති කිරීමයි.
ඊට අමතරව දියුණු රටවල ක්‍රියාකාරකම් හේතුවෙන් අපහසුතාවයට පත්වන තුන්වන ලෝකයේ රටවල් වෙනුවෙන් දේශගුණික යුක්ති සංසදයක් (Climate Justice Forum) පිහිටුවීම හා නිවර්තන වැසි වනාන්තර වෙනුවෙන් සංසදයක් (Tropical Belt Forum) පිහිටුවීමේ යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "කොප් 28" සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ඇමති අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක,අජිත් මාන්නප්පෙරුම, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරු ඇතුළු 15 ක පමණ දූත පිරිසක් සමුළුවට සහභාගී වෙති.
පෞද්ගලික අංශය නියෝජනය කරමින් තවත් පිරිසක් තම වියදමෙන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රාජ්‍ය නොවන සංවිධාන වල අනුග්‍රාහකත්වය යටතේ තරුණ තරුණියෝ 20 ක් මෙම සමුළුවට සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මෙයාට ආපහු එන්න වරම් දෙන්න එපා...!
බල්ලට ඇති වැඩකුත් නෑ. හෙමින් ගමනකුත් නෑ.
දැන්, ඕනෑ එකටයි, එපා එකටයි හැම මලකඩිත්තුවකටම ඇඟිලි ගහන්න ගිහින් හැට හුටහමාරක් බැනුම් අහන අරයත් එක්කද ගියේ...?
ඔයාට මොකද? ලෝකෙ වටේ රවුම් ගහගහ ඉන්න.
ලොක්ක මේ සැරේ තමයි ට්‍රැවල් කරන්න නියම පොටක් හොයාගෙන තියෙන්නේ..., මේ වැඩකට නැති COP සමුළු / වැඩමුළු 1995 ඉඳන් හැම අවුරුද්දකම මුළු අවුරුද්ද පුරාම එකඑක රටවල තියෙනවා.. කට්ටියට ගිහින් කාලා බීලා විනෝද වෙලා කැමැති නම් කතාවක් දෙකක් කරලා එන්න තමයි තියෙන්නේ...!
මතක ඇතිව අර STF දාගෙන පරිස්සම් කරන අඹුවත් අරං යන්න හොඳේ...
මෙච්චර මේ මිනිස්සුන්ට අමාරු කාලේ ඕක අන්තර්ජාලය හරහා එනම් මාර්ගගත ක්‍රමයට කරන්න බැරි කමක් තිබුනද නැහැනේ. මේ ඉතින් නව ගිලුනත් බෑන් චුන් කියන්නා වගේ විශාල මුදලක් වය කරමින් රට සවාරි ගැසීමට තියෙන ළදරු ආශාව නේ? පිනට ලැබුණු චාන්ස් එකෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. තව ඒ මදිවට රංචුවකුත් එක්කගෙන යාවි. මොන ජගතා වුනත් කමක් නැහැ මේ වගේ නාස්තිකාර වැඩ නවත්වන්න රටේ මිනිස්සු තමන්ගේ අවධානය යොමු කරන්න ඕනි කාලේ දැන් පහුවෙලා ගොඩක් කල්. කොච්චර වියදම් කරලා තියෙනවද මෙයාගේ සවාරි වලට?
තම රටේ "දකුණු බටහිර සහ ඊසානදිග" මෝසම ගැන නොදන්නා අයෙක් "එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව" මෝඩ විහිළුවට සහභාගී වේ. මෝඩ විහිළුවක්