
(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා අදාල ගැසට් පත්‍රය නිකුත් කළේය.
නමුත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ.
කොළඹ නගරයේ වරින් වර ඇතිවන උද්ඝෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටලු ඇතිවිය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධීකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සන යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙම කාර්යය සිදුකිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.
COMMENTS
එයත් රිවස් ද?
දෙකේ දෙකේ බඩු දැන් ලෑස්තිද?
නිවැරදි නීතිමය ප්‍රතිපාදන ඔස්සේ
මෙයාත් හරියට ගෞටාභය වගේ පෙන්නේ. මෙයාටත් කිසිම සැලස්මක් හෝ වැඩ පිළිවලක් හෝ නැහැ. සන්නද්ධ හමුදාව යොදවනවා කිව්වා. දැන් නිකුත් කල ගැසට් එක රිවස් කරන්න යන්නේ.
"අධි ආරක්ෂක කලාප නියෝගය නීති විරෝධියි" කියලයි නීතිඥ සංගමය කියන්නේ. ඒ ගැන බයවෙලාවත්ද?
රිවස් කිරීම ඇරඹුණු වගයි. ඔහොම යං, ඔහොම යං...
අධි ආරක්ෂිත කලාප නම්කිරීම හේතුවෙන් එම කලාපය තුළ වරින්වර ඇතිවන උද්ඝෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බව සත්‍ය වුවත්, මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් හෝ "වෙනත් ගැටලු" එල්ල නොවේ. මෙම ගැසට් පත්‍රය නිකුත් ව තිබෙනුයේ එම කලාපය තුළ උද්ඝෝෂණ නැවැත්වීම සහ රාජ්‍ය දේපල හානි වුවහොත් එය වළක්වා ගැනීම සඳහා මිස වෙනත් හේතුවක් නොමැති බව පැහැදිලි වේ. උද්ඝෝෂණ අධි ආරක්ෂිත කලාප තුළ නොව ගමට ගෙන යා යුතුවේ. විදෙස් මාධ්‍ය ගමට නොපැමිණෙන නිසා අධි ආරක්ෂිත කලාප තුළ කොළඹ නගරය තුළ උද්ඝෝෂණයට තෝරාගැනීම ප්‍රචාරණය සඳහා පමණක් සුදුසු වේ.
කාගෙන්ද උපදෙස් ගන්නේ... රිවස් නන්දෙ ගෙන්ද?
ඔය උපදේශක වරුන් කියන්නේ බොහෝවිට රජ්ජුරුවන්ගේ වඳුරා වගේ අය කියා සිතෙනවා.රජතුමාට තියෙන දැඩි හිතවත්කම නිසා මැස්සෙකු හෝ මදුරුවෙකු ඇඟේ ගැහුවොත් දුරදිග නොබලා කඩුවෙන් කොටනවා.හරියට අන්න ඒ වගේමයි මේ උපදෙස් දී තිබෙන්නේ.ජනපති තුමා හොඳින් නීතිය දත් කෙනෙකු හා විශ්ව විද්‍යාලයේ නීතිය උගත් කෙනෙක්.ඒ නිසා මින් ඉදිරියට හෝ මෙවන් උපදෙස් දෙන උපදේශකයන් දෙන උපදෙස් ගැන අවදි වුණු බුද්ධියෙන් විමසා බලන්න.
මේ ඔක්කොම මෝඩයින් තමයි.
දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවාද? පාලකයින් කලින් කරපු සහ දැනුත් එළිපිටම කරන ප්‍රකෝටි ගණන් කරන හොරකම් නිසාත් වැඩිවන බඩුමිල සහ අත්‍යාවශ්‍ය බඩු හිඟවීමට විරුද්ධව සාමකාමීව කරන අරගලවලට ප්‍රසිද්ධියේම මැරවරයින් සහ ආරක්ෂක අංශ යොදවා කරන පහරදීම් සිදුවෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේද? එදා අරගලකරුවන් තමන්ගේ බුද්ධිය මෙහෙයවලා මහ මැතිවරණයක් තියන්න බලකළා නම් මේ වෙනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට වැඩකරන මිනිස්සු ඉන්න ආණ්ඩුවක් පත් කරගන්න තිබුණා. අපරාදේ...!!!
ජය වේවා මතිදුනි ඔබයි කොළඹ බේරාගත් විරුවා..
රනිල් වැඩිම වුණොත් තව අවුරුදු 2 වාහනේ මිදුලේ ඉස්සරහට පස්සට ගනිමින් සිටීවි. රටේ ජනතාව සිංහල දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි, උඩ රට, පහත රට, ගොවිගම, කරාව, වාමාංශික, දක්ෂිණාංශික වශයෙන් බෙදිලා හිටිය කාලය අවසන් වෙමින් තිබේ. දැන් රටේ ජනතාව පෙළ ගැසනේනේ රනිල් රාජපක්ෂ ප්‍රමුඛ, පක්ෂ විපක්ෂ ස්වාධීනවෙලා සිටින හොර දේශපාලකයෝ පලවා හැරීමේ අරගලය, සමාජ්‍ය මාධ්‍ය ජාල හරහා ක්‍රියාත්මක වුණ තරුණ මාධ්‍යෙව්දීන් මෙම කතිකාව ආරම්භ කරලා තිබෙනවා.
අදිආරක්ෂිත කලාප දාලා ජනතාව බයකරන්ඩ බැරිබව තේරිලා ? ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත දේසපාලුවෝ .
අපි දැක්කා ජපානයේ ටෝකියෝ වලත් ලාංකිකයින් රැස්වෙලා පස්ස දොරෙන් ආපු ලංකාවේ ජනාධිපතිවරයාට විශාල විරෝධතාවයක් තියලා ලංකාව තවත් හොරා කන්නේ නැතුව අස්වෙලා ගෙදර යන්න කියනවා. මේවා දැකලා අපේ මේ හොර දේශපාලන නායකයින් නිසා බංකොළොත් වුණු ලංකාවට සත පහක ආධාරයක් ජපන් රජය කරයිද?
ලංකාව ජපානයක් කරන්න...? සේරටම කළින් ඔය පාර්ලිමේන්තුව කියන උත්තරීතර සභාව කාලකණ්ණි හොරුන්ගේ ගුබ්බෑයමක් කරපු නාකි ටික පන්නලා දාන්නම වෙනවා. අඩුගානේ මාලදිවයින තරමට වත් එන්නනම්.. ජපානෙ කෙසේවෙතත්...!