IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විශේෂ අනුමැතියකින් පසු විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ජනාධිපතිවරයාට  අප්‍රසාදය පළ  කිරීමේ යෝජනාව ලබන  17 වැනිදා පාර්ලිමේන්තුවේ  විශේෂ අනුමැතියකින් පසු  විවාදයට ගැනීමට  පක්ෂ නායකයෝ අද (12) තීරණය කළහ.

එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට  අදාළ මෝසමක්ද පක්ෂ නායකයෝ  කතානායකවරයාට   මෙහිදී ඉදිරිපත් කළහ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද (12) පෙරවරුවේ රැස්විය.

මෙම රැස්වීම උණුසුම් වාද විවාද නිසා දැඩි  උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණ.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වූ පසු එහි පළමු කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායකවරයා  තෝරා පත් කර ගැනීමටද  මෙහිදී තීරණය කර ඇත.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවට හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන  සහ  ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ සහභාගී නොවූහ.

පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල ජීවන්   ⁣තොන්ඩමන්, ගෙවිදු කුමාරතුංග,එම්.ඒ.සුමන්තිරන්, ජී.ජී පොන්නම්බලම් ,ඩිලාන් පෙරේරා,වීරසුමන වීරසිංහ,රවුෆ් හකීම්, අසංක  නවරත්න ,මහින්ද අමරවීර,රංජිත් මද්දුම බංඩාර,මනෝ ගනේෂන්,අරවින්ද කුමාර්,අංගජන් රාමනාදන්,නසීර් අහමඩ්,රිෂාඩ් බදුර්දීන්,ගයන්න කරුණාතිලක,නිමල් සිරිපාලද සිල්වා,අනුර කුමාර දිසානායක,අලි සබ්රි රහීම්,ඒ.එල්.එම්.අතාවුල්ලා,එම්.මුෂාරෆ් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.



අදහස් (0)

ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විශේෂ අනුමැතියකින් පසු විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site