
(යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් පැමිණිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මහනුවරදී පැවැති උත්සවයක් අමතමින් එසේ පැවසීය.
මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය අතර කෙසේ වෙතත් අනුර සහෝදරයා එයට එච්චර කැමති නැති බවත් ඔහු කීය.
ජනාධිපතිවරයා ඔහොම නොයායුතු යැයි පෞද්ගලික ස්ථාවරයේ තමන් සිටින බවත් ජනාධිපතිතුමාට මීට වඩා දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.
ජනාධිපතිතුමා එන තැනකට අනිවාර්යෙන්ම එන කණ්ඩායමක් සිටින අතර එය වැළැක්විය නොහැකි බව කී අමාත්‍යවරයා ඒවා පරණ ක්‍රමයටමයි කියා පෙන්නන්න ගියහොත් ඒවා පරණ මත බව ද සඳහන් කළේය.
අමාත්‍යවරයා වන තමන් කැබ් රථයේ යනවිට සිය අතිරේක ලේකම්ලා සහ ලේකම්වරයා වී8 රථවල යවන බවත් එම නිලධාරීන්ට දැන් ටික ටික ලැජ්ජා ගතියක් ඇතිවී තිබෙන බවත් ඒ මහතා කීය.
ඇමතිතුමා අරකෙ යද්දී මම කොහොමද එකේ යන්නේ යැයි වව්නියාවේ පසුගියදා ගිය අවස්ථාවකදී පස්වරුවේ කථා කරමින් සිටියදී සිය අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසූ බවත් එම නිලධාරීන් අට දෙනෙක් එක වෑන් එකක එම ගමන පැමිණි බවත් අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද එපා කිව්වේ? ඔබතුමන්ලාම තමයි කිව්වේ. ගිය ආණ්ඩු කාලවලදී හෙලිකොප්ටරේ යන එකට අවඥා කළා මෙන්න රටේ සල්ලි කන හැටි, දුප්පතාගේ මුදලෙන් සැප විඳින හැටි කියා කියා. අපි ආවොත් ඒවා නවත්තනවා කියලත් කිව්වා. ඉතින් ඇයි දැන් කෙඳිරි ගාන්නේ?
ආ ඇත්තද......?
වැස්ස වෙලාවට විතරක් ඇතුලත තියාගන්න. මහින්ද මහතාගේ ආරක්ෂාව අඩු කරලා වෙන කාට ආරක්ෂාව දෙන්න ද. මොනාට දෙනවද ?
රටේ ප්‍රධාන පුරවැසියා හෙවත් ජනාධිපති හැටියට, ඕනෑම රටක ඕනෑම නායකයෙකුට විශේෂ වරප්‍රසාද මෙන්ම ආරක්ෂාවද ලැබිය යුතු බව පහ වසරේ සිසුවෙකු වුවත් දන්නා කරුණකි ! AKD ජනාධිපති වරයා එවැනි අසීමිත වරප්‍රසාද වලින් කොටසක් හෝ ස්වෙච්ඡාවෙන් අත්හැර දැමූ බව අමුතුවෙන් කිවයුතු නැත. රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම පොලීසියට සහ හමුදාවන්ට අයත් සුවිශේෂී කාර්ය භාරයන් බැවින් ඔවුන් ඒවා නිතර දෙවේලේ ජනාධිපතිවරයාට සිහිපත් කළ යුතුයි !
තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය විනාශ කරපු නායකයාගේ ආරක්ෂාව අයින් කරලා ඒ කාලේ ඇඳන් යට හැංගිලා හිටපු අය ආරක්ෂාව වැඩි කරගෙන. හැබැයි රැස්වීම් වම කිව්වේ නම් මීට පස්සේ ප්‍රභූන් විදියට සළකන්නේ ඇම්බියුලන්ස් වල යන ලෙඩ්ඩු විතරයි, ජනාධිපති, අගමැති, ඇමැති ආරක්ෂක අංශ වහලා දානවා කියලා. එහෙම කියලයි ඡන්ද දිනුවේ
ඇයි බං, ජනාධිපතිලට හෙලිකොප්ටර මොකට ද, ඕවා මහජන මුදල් නාස්තියක් නෙමෙයි ද කියලා කිව්වේ. උඹලා අපිමනේ. මහජනයාට නැති කිසිම වරප්‍රසාදයක් ඇමතිලාට ඕන නෑ කියලා අපේ හඳුනත් කිව්වේ. කාපු බීපු වෙලාවට වැඩිය කතා කරන්න යන්න එපා.
තමන්ගේ සුරතලාට අනතුරක් කරන්න කොටින්ට ඕනද? තමන්ගේ රෑකඩයට අනතුරක් කරන්න විදේශ බලවේගවලට ඕනද? වේගයෙන් අප්‍රසාදයට පත්වෙන කෙනෙකුට අනතුරක් කරන්න විපක්ෂයට ඕනද? පච ජෝකර් කෙනෙකුට අනතුරක් කරන්න ජනතාවට ඕනද? ලාල් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
අපිට හොදයි, අනිත් උන්ට බෑ. ජෙපි තියරි. මුං ත්‍රස්තවාදින්ට වඩා අන්තයි. සමාජ වයිරය වපුරන තිරිසන්නු.
ඇමතිතුමා ඕවා ඡන්ද කාලේ ඔබලාම කියපු කතා මිසක් ජනතාව කීවේ නෑනේ යන වාහන ගැන. ජනතාවට යන වාහන නොවෙයි වැදගත්. මොන වාහනේ ගිහින් හරි වැඩ තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. කරුණාකරල ඒ ගැන අවධානය යොමුකරන්න.
මාලිමාව කන්නේ මේක තමයි...