IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනාධිපති අරමුදල නැගෙනහිරටත් යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

 ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක පුහුණු වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව  පැවති අතර  අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීහු 100කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටියහ. 

මෙම වැඩසටහන මගින්, නැගෙනහිර පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ  දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතය.

කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම ජනපති ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් මේ වන විට බස්නාහිර, උතුර සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (0)

ජනාධිපති අරමුදල නැගෙනහිරටත් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site