
(අංජුල මහික වීරරත්න)
ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම - 2025” පා ගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය අද පෙරවරුවේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
රෝහල් පරිශ්‍ර වල කොතරම් යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය කළ ද සෞඛ්‍ය සේවාවේ ඉලක්ක ජයගත හැකි සීමාවන් පවතින බැවින් වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ ජනතාව රෝහල් ගතවීම අවම කිරීමටත්, රෝග ව්‍යාප්තිය වලක්වාලීමටත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සෞඛ්‍ය සේවාවේ සියළුම අංශ මෙහෙයවනු ලබන්නේ රෝග නිවාරණය සහ රෝහල් ගතවීම අවම කිරීම සඳහා බව අවධාරණය කළ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ට මෙරට ජනතාව සමග එක්ව සිදු කිරීමට බැරෑරුම් කටයුත්තක් තිබෙන බව ද පැවසීය.
එම කටයුත්ත දිනකින් දෙකකින් අවසන් වන කාර්යක් නොවන බවත්, ඒ සදහා යම් කාලයක්, අඛණ්ඩව අභියෝගයන් ට මුහුණ දෙමින් ධෛර්ය සම්පන්නව කළ යුතු කාර්යක් මෙන් ම මෙරට සියළු දෙනාම නිසි අවබෝධයෙන් තමන්ගේ වගකීම ඉටුකළ යුතු කාර්යක් බවද පැවසූ අමාත්‍යවරයා එය කළහොත් ප්‍රතිකාර අංශයට එයින් සහනයක් ලැබෙන බව ද අවධාරණය කර සිටියේ ය.
නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කළ පාගමන විහාර මහාදේවී උද්‍යානය දක්වා ගමන් කෙරුණු අතර එම පරිශ්‍රයේ දී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය ආරම්භ විය.
2025 නොවැම්බර් මස 04
599
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනතාව දැනුවත් කරන්න සුව ඇමැති පා ගමනේ