
(ගයාන් සූරියආරච්චි)
ජනතාව සමග කටයුතු කිරීමේදී පුද්ගලයන්ට පරුෂ වචනයෙන් බැනවදින පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ කිසිදු පුද්ගලයකුට පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කිරීමට පොලිස් නිලධාරීන්ට අවසරයක් නොමැති අතර එය සදාචාර සම්පන්න නොවන බවය.
එවැනි පැමිණිල්ලක් ලැබුණ හොත් ඒ පිළිබදව විමර්ශනයක් කිරීමට පොලිසිය පසුබට නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
නීතිය හා සාමය සුරකින පොලිසිය සහ මහජනතාව අතර මනා සබදතාවක් මෙන්ම විශ්වාසයක් පැවැතිය යුතු අතර සමහර පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව පිළිබදව ජනතාව අතර පවතින විශ්වාසය පලුදුවී ඇති බව ජනතාව කියති.
සාමාන්‍ය පුරවැසියන්ගේ ආත්මාභිමානය රැකගැනීමත් පොලිසියේ ගෞරවය රැකගැනීමත් උදෙසා මෙම පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඇතුලෙම ලොක්කෝ අනෙක් නිලධාරීන්ට කතාකරන්නේ සත්තුන්ටත් අන්ත විදියට. ඒකත් හදාගන්න.
ප්රශ්නය තියෙන්නේ පරුෂ වචන හරියට වෙන්කර හඳුනාගන්න බැරිකමයි. ඔබතුමාට බැරිද ඇමතිතුමා එක්ක කතා කරලා තහනම් පරුෂ වචන ලැයිස්තුවක් ගැසට් කරන්න?
ගහල මැරුවට කමක් නෑ, හැබැයි බැන්නොත් බලාගෙනයි!
එහෙනම් ඉතින් කටුකුරුන්දේ තියෙන පොලිස් දාමරිකයන් බිහිකරන අභ්‍යාස විද්‍යාලයේ විෂය මාලාවන් වෙනස් කරන්න වෙයි.
තවත් වැදගත් කාරණාවක් සිහිපත් කරනු කැමැත්තෙමි.මාර්ග බාදක රාජකාරී වල නියැළී සිටින නිළධාරීන් දිවා සහ රාත්‍රී කාලවලදී ධාවනය වන වාහනයක් නතර කර ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග එතරම් සතුටුදායක නැත.ඔවුන්ගේ ඉලක්කය වන්නේ කුමන වාහනය දැයි වාහන රියදුරන්ට නිවැරුදිවම හැගී යන අයුරින් ක්‍රියා කිරීමට "නවත්වන්න" යන පුවරුවක් අතින් පැහැදිලිව ඉලක්ක වන වාහනයට ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දෙන්න.රාත්‍රී කාලෙයේදී ලුමිනස් එළිය සහිත විදුලි පන්දමක් භාවිතාවට ලබා දෙන්න.එසේ කළහොත් ජනතාව තුළ ඇතිවන අනියත බිය තුරන් වී යනු ඇත.