
(අංජුල මහික වීරරත්න)
උතුරට යළි ජීවය කැටුව එමින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුදුකුඩුඉරුප්පුවේදී අද (2)පැවැසීය.
ජනාධිපතිවරණයේදී ජනතාව වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ බව කී ජනාධිපතිවරයා ඔවුන් ජයග්රහණය කරා ඉදිරියට ගෙන යන අතර උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” තේමාව යටතේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂා සහ සංස්කෘතික අයිතිය සුරැකීම මෙන්ම අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද රජය කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
රජයේ අරමුණ රට තුළ ජාතික සමගිය නිර්මාණය කිරීම බවත්, ඒ වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කිසිදු පැකිළීමකින් තොරව ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ තිබුණා නම් ඔබතුමා අනුරාධපුරෙන් එහාට යන්නේ නෑ. යුද්දේ දිනවපු නායකයන්වත් මතක් කරන්න කෙලෙහි ගුණයක් තියෙනවා නම් ටිකක් හරි.
නිශාන්, ජනාධිපතිතුමාට අනුරාධපුරයෙන් එහාට යන්න බයක් තිබුනේ නැහැ... හැබැයි එතුමා කොළඹ ඉඳගෙන යුද්ධ කළේ නැහැ.. ඒක අදාළ අය කරනවා. හැබැයි යුද්ධය කරන්න ඔය ඒකේ අයිතිකාරයා වෙච්චි එක්කෙනා දක්කාගෙන ගියේ ඔය ජනාධිපතිගේ පක්ෂය තමයි.
සෙනෙවිරත්න ඔක්කෝටම කලින් මට කියන්න ඔයාගේ ජනාධිපතිතුමා කරපු යුද්දේ මොකද්ද කියලා. අපි දන්නා තරමින් යුද්දෙට සල්ලි වෙන් කරපු අයවැය දෙකකට විරුද්දව චන්දේ නම් දුන්නා ඒ කාලේ ටී.එන්.ඒ. එකත් එක්ක එකතුවෙලා.