
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොඳ ජාත්‍යන්තර පාසල් අතර ජාත්‍යන්තර පාසල් කඩ බිහි වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇතැම් ජාත්‍යන්තර පාසල් කිසිම ප්‍රමිතියක් නැතිව පවත්වා ගෙන යන අවස්ථා තිබෙන බවද රාජකරුණා මහතා කීය.
"දරුවන්ගේ අධ්‍යාපනයේ පදනම වන්නේ පෙර පාසල්.නමුත් ඒවා හරියට ක්‍රියාත්මක වෙනවා දැයි ප්‍රශ්නයක් තිබෙනවා.එමෙන්ම ප්‍රාථමික අධ්‍යාපනයේ දී සියල්ලන්ම අවධානය යොමු කරන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්.එයින් දරුවන්ට අවස්ථාවක් ලැබෙන බව ඇත්ත.නමුත් ඔවුන් මේ කුඩා වයසේදී ලොකු පීඩනයකට පත් වෙනවා.බාලාංශයේ දරුවනුත් අමතර පන්ති වලට යවනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලට එකවර සිසුන් 500-1000 ටියුෂන් කඩ පෙනෙන්නේ නැත්තේ ඒවගේ උගන්නන උපදීධාරීන් කැම්පස් කාලේ ඉඳන්ම අන්තරේට ජැක ගහල , අනත්රේ ලෝකන්න්ට කප්පම් දෙන නිසාද ? කරුණාකර ටියුෂන් කඩ වහාම නවත්වන්න.
හරියටම හරී. නියාමනය කළ යුතුමයි...
ස්ටාලින් වහාම මේ ගැන හොයා බලන්න රාජකරුණා දැනුයි ඇහැරිලා තියෙන්නේ
ජාත්‍යන්තර පාසල් කඩ හෙවත් ප්‍රමිතියක් නැති ජාත්‍යන්තර පාසැල් හැදෙන තුරු බකං නිලාගෙන බලාගෙන හිටියේ අපිද ඔහෙලාද ?
ජාත්‍යන්තර හරක් මඩුවක් හෝමාගම, ගලවිල වත්තේ සඟබෝ මාවතේ ඇත...
සයිටම් එකට කළදේ නම් කරන්න එපා. නියාමනය කරන්න. අය කරන මුදල් ඉතාම ඉහළයි. පහසුකම් අවමයි. ප්‍රමාද වී හෝ මේ ගැන කතාකිරීම අගය කරමි.