(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පතන දේශපාලන වෙනස කරන්නට හැකි වේවායි ආණ්ඩුවට සුබ පතනවා.රටක් ලෙස ගත් විට අප තවම ඉන්නේ ප්‍රාථමික අවධියේ.නිදහසින් පසු රටක් ලෙස ලාංකික ආනන්‍යතාවය ගොඩනගා ගෙන ඉදිරියට යන්නට නොහැකි වී තිබෙනවා.අසල්වැසි ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් විවිධත්වයන් එකතු කරගෙන ඊට ගරු කරමින් කටයුතු කිරීම නිසා ඉදිරියට ගොස් තිබෙනවා.අප වසර 76ක් තිස්සේ ජාතික සමගිය ගැන කතා කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය කළ හැම දේශපාලන පක්ෂයක්ම මේ කරුණ සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි.
ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ඉතා දුර්ලභ ජනවරමක්.චන්ද්‍රිකා මැතිනියට ජනාධිපතිවරණයේදී මෙවැනි ජන වරමක් ලැබුණා.නමුත් එතුමියට මේ විවිධත්වය තේරුම් ගෙන ඉදිරියට යාමට නොහැකි වුණා.
ඔබතුමාලා හොඳ ගමනක් යන්න නීතියේ ආධිපත්‍යය ඇති කරන්න සූදානම් වෙනවා.නමුත් බරපතල චෝදනා තිබෙන නිලධාරීන් ඉහළ තනතුරට දාගෙන නීතියේ ආධිපත්‍ය හදන්නේ කොහොමදැයි මුජුබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.
COMMENTS
දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය, චීවර ධාරියෝත් ඒ අතර ඉන්නවා.
ජාතික සමගිය ගේන්නේ කොහොමද ඩිනාර් ඩොලර් පොම්ප කරලා රට තමන්ට විතරක් අයිති කරගන්න හදනකොට…? කෙරුවාව අපි දකිනවනේ අනිත් රටවල. ඔයාට ඕනෑ මුලු ලෝකෙම ආගම කරගන්න නේද…? කියන්න ඇත්ත.. අද ලංකාවම ඩොලර් සහ ඩිනාර් වලින් මුලු ආණ්ඩුවම අරන් තියෙන්නේ…!
ප්‍රාථමික අවධියේ ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාව. රට කාපු එව්වෝ කැස්සට, හෙම්බිරිස්සාවටත් ගියේ මවුන්ට් එළිසබත් එකට. තිබිච්ච් යාන-වාහන, ඉඩකඩම්-ගෙවල්දොරවල්, හිටපු අමතර ස්ත්‍රීන් ගණන ඔවුන් අදටත් දන්නෑ...
ඔයාගේ කෙරුවාව දන්නේ අපිනේ බන්...!
තම පක්ෂයේ ලැයිස්තුව පුටු ටිකවත් බෙදා ගන්න බැරි අය කොහොමද රටේ සමගිය ගැන කතා කරන්නේ? ඊට කලින් පක්ෂයේ නම් වෙනස් කරගන්න අසමගී ජන බලවේග කියලා
එහෙනම් ඉතින් දැන්වත් මොලේ පාවිච්චිකරලා ඔය දේශපාලකයින් ඉවත් උනොත් හොඳයි නේද
ඕගොල්ලන්ට ඕනෑ දේ කරලා දෙන එකද ජාතික සමගිය කියන්නේ? එහෙන් ව්‍යාපාර, ඉඩම්, බලය, ගැහැණු ඔක්කෝම අල්ලනවා, ළමයි හදනවා රට අල්ලන්න... ආගම් ප්‍රචාරය කරනවා බලෙන්...!