(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.
ක්‍රීඩා හා තරුණ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව අද (14) පත්කළේය.
ප්‍රියන්ත ඒකනායක මහතා රග්බි සහ පැසිපන්දු ක්‍රීඩකයෙක් වන අතර ඔහු නවසීලන්ත සහ වේල්ස් රග්බි සමාජ ද නියෝජනය කළ දක්‍ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගම්වල සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයන් ලෙස සමන්තා නානායක්කාර - කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්ය සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥ, රුක්මන් වෑකඩපොළ - ජාත්‍යන්තර බොක්සිං සංගමයේ උපදේශක සහ ක්‍රීඩා විනිසුරු, සිදත් වෙත්තමුණි - ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක, චානක ජයමහ - ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ, රොහාන් අබේකෝන් - ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක, නිරෝෂන් විජේකෝන් - බැඩ්මිටන් ක්‍රීඩක, මුරාද් ස්මයිල් - ශ්‍රී ලංකා මේසපන්දු පරිපාලක, රොෂාන් මහනාම - හිටපු ක්‍රිකට් නායක, සී. රත්නමුදලි - මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය, ශ්‍රියානි කුලවංස - ඔලිම්පික් ක්‍රීඩිකා, මලික් ජේ. ප්‍රනාන්දු - ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපති සහ ශානිත ප්‍රනාන්දු - හිටපු රග්බි ක්‍රීඩක
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක්
බී අමරසිංහ Sunday, 16 February 2025 08:01 AM
පාපන්දු ක්‍රීඩා කරන අපි කළුද?
Chamila Fernando Sunday, 16 February 2025 01:57 PM
හොද තේරිමක් රටට වැඩ කරන්න ශක්තිය ලැබේවා