
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්භ වීමෙන් පසුවය.
එම ඡන්ද පොළට පැමිණ, මුලින්ම ඡන්දය ප්‍රකාශ කළ, පිරිමි ඡන්දදායකයා වූයේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්ය. එහෙයින් මැතිවරණ බලධාරීන් ඔහුට විශේෂ සහතිකයක් ද පිරිනැමුවේය.
එම සහතිකය ද අතැතිව ඡන්දය දැමූ බව පෙන්වමින්, එස්. ජයිශංකර් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් කියා සිටියේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ශක්තියක් වෙමින්, භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙසටය.

COMMENTS
අපේ රටේ මුලින්ම ඡන්දේ දාපු අයට සහතික දුන්නේ මීට අවුරුදු හතලිස් පහකටත් කලින් නේ! 1989 ජනාධිපතිවරණයේ මුලින්ම ඡන්දෙ දීපු බොහෝමයක් දෙනාට මරණ සහතික ලැබුණා.
එදා එහෙම කෙරුවට දැන් එහෙම කරන්නේ නෑ. දැන් ඒ ගොල්ලෝ ගොඩක් හොඳයි. බෞද්ධ ආගමට අකමැති උනාට දැන් මිනී මරන්නේ නෑ. බොහෝම නිහතමානීයි.